දිවයිනට පැමිණ සිටින සියලු විදේශිකයින් ලබාගෙන ඇති සෑම වර්ගයකම වීසා බලපත්‍ර ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, වීසා දීර්ඝ කිරීම සඳහා ගාස්තු ගෙවීම ඇතුළු ක්‍රියා පටිපාටියට අදාළ උපදෙස් ඉදිරියේදී දැනුම් දෙන බවයි. මේ අතර මේ කාලය තුළ දිවයිනෙන් පිටත්ව […]
භාවිතයෙන් ඉවත් කරන ලද කාබන් හිස් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිතුක් කරමින් පවසනවා. ඒ සඳහා සකස් කරන ලද ප්‍රථම බහාලුම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි. පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක මෙම වැඩසටහන නම්කර ඇත්තේ, “අපි හැදී රට හදමු” යනුවෙන්. දිනකට පාසල් […]
කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසුවේ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.
වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර, කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකෙලා කිරීමට පියවර ගෙන ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම වෙළඳ සංකීර්ණයේ මත්ස්‍යය වෙළෙන්ඳෙකුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ලැබීමත් සමග අදාළ තීරණය ගෙන තිබෙනවා. අද වනවිට පානදුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ් […]
කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයින් රෝහල් නොවන විශේෂිත නිරීක්ෂණ මධ්‍යස්ථානවල රඳවා අවශ්‍ය කටයුතු සැළසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථාන යොදා ගැනීමට සැළසුම් කර ඇති බවයි. හමුවන සියලුම රෝගීන් කළමනාකරණය කොට, යළිත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්කිරීම සිය පරමාර්ථය බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ […]
මෙරට සිදු වූ 17 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මිය ගියේ, ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අද සිට මසක කාලයක් සඳහායි. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර වනු ඇති. අදාළ කාල සීමා තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර […]
කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මහනගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසුවේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.
කොරෝනා ආසාදිතයින් පිළිබඳ සකස් කළ වාර්තාවේ ඊයේ වනවිට ශ්‍රී ලංකාව 60 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. අදාළ වාර්තාවට අනුව පළමු ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඉන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8,962,783ක්. ඉන් කොරෝනා මරණ 231,045 වාර්තා වන අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන්නන් ගණන 16,611ක්. එමෙන්ම ඇමරිකාවේ වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්‍යාව 5,833,824ක් […]
කොරෝනා වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා පැතිර පවතිනවා. ඒ අනුව ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, අම්පාර, බදුල්ල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, කළුතර, ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3333ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]
දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් කටයුතු සීමා වීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව මඟ හැරවීමේ අරමුණින් මෙම පියවර ගත් […]
ගම්පහ ඇතුළු පොලිස්බල ප්‍රදේශ 64කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසි ලෙස නිරෝධායන නීති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. මේ අතර කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට […]