මෙවර ශ්‍රි පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට දින සිදු කරනු ලබන අතර ඒ අනුව අද පස්වරුවේ සිට හෙට අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙනවා. පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව හෙට අළුයම […]
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ අද(09) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මීට අමතරව යුධ හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු […]
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මෙම සාකච්ඡාව නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
නවසීලන්තයේ, ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ගිනි කන්ද නවසිලන්තයේ වයිට් අයිලන්ඩ් දුපතේ තිබෙන අතර මෙම කන්ද පුපුරන අවස්ථාවේ ඒ අසල සංචාරකයින් 100 කට අධික පිරිසක් සිටි බව පැවසෙනවා. තවමත් මෙම ස්ථානයට කිසිවෙකුට ලගා වීමට නොහැකි වීම හේතුවෙන් ඒම සංචාරකයින්ට කුමක් සිදුවේද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 40 කින් අඩු කිරීමටත් ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද අඩු කිරීමට පියවර ගනු ලබනවා.
හෙට පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මෙනේම සිදු විය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී.150 […]
ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩ වැටීමෙන් එම ගාලුකොටුව අසල පල්ලිය පර අවහිර වී ඇති බව පොලිසිය සදහන් කරනවා. විශේෂයෙන්ම මෙම මාරගය භාවිත කරන දෙස් විදෙස් සංචාරකයින් යම් අපහසුතාවයකට ලක් ව තිබෙනවා. ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇත්තේ. වැඩිදුර පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ තිබෙනවා.
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනව. අවුරුදු 23ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගි ඇති බවයි. මේ අතර යම් යම් භාණ්ඩ ආනයනය කිරීමේ දී සීමාවන් පැනවීම රටක් වශයෙන් දුරදිග බලා ගත් තීන්දුවක් ලෙස සලකන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ.
රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි. එමෙන්ම තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ […]
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද 08 සිට 10 වෙනිදා දක්වා තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසනවා.