News Line| Off Air
Generic placeholder image

Dec
6

විපක්ෂනායක සජිත් ලෙස කරු පිළිගනියි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසනවා. ළැඹෙන ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන […]


Dec
6

වෛද්‍ය සාෆිගේ දේපල සාධාරණීකරණ කල නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් කල යුතු බව රතන හිමි කියයි

Generic placeholder image

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශාබ්දීන් මහතාගේ දේපළ සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවු නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ නිළධාරීන් විසින් එම වෛද්‍යවරයාට තිබු චෝදනා මඟ හැරීමට ක්‍රියාකළ බවයි. පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් වසරකට පමණ පසු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා […]


Dec
6

කිළිනොච්චියේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි

Generic placeholder image

අධික වර්ෂාව නිසා කිළිනොච්චිය, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කීපයක කොටු වී සිටි පුද්ගලයින් 168 දෙනෙකු යුද හමුදාව විසින් අද (06) උදෑසන බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන්විත් තිබෙනවා. කිළිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයාගේ උපදෙස් මත හමුදා භට පිරිස් ගම්වල කොටුවී සිටි ගම්වැසියන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා. මේ අතර කිලිනොච්චිය, ධර්මපුරම් මහ විද්‍යාලයේ සහ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ […]


Dec
6

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයේ වෙනසක් සිදු වෙයි

Generic placeholder image

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර යුද හමුදා නිලධාරියෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා පළමු වතාවට වීමද විශේෂත්වයක්. මිට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලද්දේ නියෝජ්‍ය […]


Dec
6

කළු සාගරගේ සගයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැත්තාගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොලොන්නාව ප්‍රදේශයේ සිදුවු […]


Dec
6

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කරයි

Generic placeholder image

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. නත්තල් සමයේදී ප්‍රධාන වශයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නත්තල් ගස් දෙකක් පමණ ප්‍රදර්ශනය කරනු ලබනවා. ඉන් එකක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන අතර අනෙක කැපිටල් නත්තල් ගසයි. කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් ලෙස පැවැත්වුණ අතර මෙවර කැපිටල් නත්තල් ගස […]


Dec
6

පොලිසියේ ඉහල තනතුරුවල වෙනසක්

Generic placeholder image

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ඉහල තනතුරු බොහොමයකට ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතියට යටත් ව මෙලෙස පොලිසියේ ඉහල තනතුරු රැසකට ස්ථානමාරු සහ නව පත්වීම් ලබාදී තිබෙන අතර ඒ අනුව ස්ථානමාරුවීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ 11 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් […]


Dec
6

ආදිවාසි නායක ගෝඹා ජීවිතක්ෂයට

Generic placeholder image

මහඔය පොල්ලේ බැද්ද ආදිවාසි නායක ගෝඹා ඊයේ (05) සවස මහඔය පොල්ලේ බැද්ද නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ආදිවාසි නායකයාට වයස අවුරුදු 90 ක් බව සදහන්. ආදිවාසි නායක ගෝඹාට පිරිමි දරුවන් හයදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් සිටිනවා. 1941 වසරේ දී ආර්. ස්පිටල් මහතා විසින් බිංගොඩ සිට පොල්ලේ බැද්ද ගම්මානයට පැමිණි සාමාජිකයෙක් වන මොහු වසර […]


Dec
6

මාර්ග තදබදය අවම කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනා මාලාවක්

Generic placeholder image

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා. එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.


Dec
6

ජල ගාස්තුවේ වෙනසක්?

Generic placeholder image

ජල ගාස්තුවේ යම් වෙනසක් පිලිබදව ඉදිරියේදී බලපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුව තිබුනද එය සිදු නොවන බවත් එසේ වන්නේ අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු වන හෙයින් බවත් පැවසෙනවා. කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් කිසිම විටක අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු හරහා පීඩනයක් ඇති […]


Dec
6

සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරයි

Generic placeholder image

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුදු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉගුරු, කහ සහ කරාබුනැටි ආනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මුදල් පණතේ වාණිජ කේන්ද්‍රස්ථාන අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම තහනම බල පැවැත්වෙන බව සදහන්. ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රතිඅපනය හා සුලු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ […]


Dec
6

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සාක්ෂි ලබාදීමට කාදිනල් හිමි අද ජනපති කොමිසමට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 02 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයට පැමිණ උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post