News Line| Off Air
Generic placeholder image

Nov
22

හෙරොයින් කිලෝ 10ක් සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝ 10ක් සමග කාන්තාවක් ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු රාජගිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Nov
22

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

Generic placeholder image

මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මෙම අවස්ථාව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව සදහන්. මේ අතර මෙරට ජපාන […]


Nov
22

කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනට බටහිර, දකුණු, ගිණිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම තත්ත්වය බලපානු ඇති. ත්‍රීකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට, ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද […]


Nov
22

අල්ලස් ගැනීමට ගිය හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බව සදහන්. ඉන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.


Nov
22

දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති සහ අගමැති අවසන් ගෞරව දක්වයි

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්නගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා. ඒ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 1 ට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන ආ අවස්ථාවේදීයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තැබුණු අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දේහයට අවසන් ගෞරව දැක්වුවා. එමෙන්ම කතානායක කරූ ජයසූරිය, හිටපු […]


Nov
22

ඉන්දියාවේ වායු දුෂණය වීමෙන් ඔක්සිජන් වායුව අලෙවි කරයි

Generic placeholder image

ඉන්දියාවේ දිල්ලි නගරය තුලට වායු දුෂණය වීමෙන් පසු එරට තුළ ඔක්සිජන් වායුව අලෙවි කිරීම ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා වෙන්වු සේවා ආයතන රාශියක් දිල්ලි නගරයේ පිහිටුවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම ආයතනයට ගොස් පුද්ගලයන්ට නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ස්වසනය කිරීමට අවස්ථාව ලබා ගත හැකි අතර විනාඩි 15ක කාලයක් සඳහා ඉන්දීය රුපියල් 300ක් හෙවත් […]


Nov
22

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු රාජකාරි අරඹයි

Generic placeholder image

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මේ වනවිට සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල එම අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම පරිසර සහ වනජිවි සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.එම්.චන්ද්‍රසේන, මගී ප්‍රවාහන […]


Nov
22

ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

Generic placeholder image

ජනප්‍රිය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ සිට ක්‍රියාත්මක වනවා. වසර 13ක් පැරණි, ක්‍රියාකාරී ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැහැ. එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම අවස්ථාව ලබාදීමට එම සමාජ මාධ්‍ය ජාලය […]


Nov
22

ප්‍රංශ නඩුවක ජයග්‍රහණය තාරාවන්ට

Generic placeholder image

ප්‍රංශයේ අධිකරණයක් මගින් අපූරු නඩු තීන්දුවක් ලබාදී තිබෙනවා. අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිව ඇත්ත් තාරාවන් පිරිසකටයි. ප්‍රංශයේ කුඩා නගරයක් වන ඩැක්ස් හි පිහිටි එක් ගොවිපොලක ශබ්දය තමන්ට මහත් හිසරදයක් බවට පවසමින් අසල්වැසියන් අධිකරණය වෙත යොමුව තිබෙනවා. එහිදී තාරාවුන් හඩ නැගීම වහා නවත්වා දමන ලෙස පැමිණිලි පාර්ශ්ව අධිකරණය හමුවේ ඉල්ලා සිටියා. නගරයේ සිට ගම්බද ප්‍රදේශය වෙත පැමිණි […]


Nov
22

එළවළු මිල පහලට

Generic placeholder image

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතිි බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසනවා.මේ දිනවල වැඩි වශයෙන් පහතරට එළවළු වර්ග ලැබෙන බව බව ගොවීන් සඳහන් කළා. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් 20 සිට රුපියල් 40 දක්වා මිලකට බෝංචි මිල පහත වැටීමත් සමඟ සමස්ත එළවළු […]


Nov
22

සජිත්ගේ ජයග්‍රාහණය අඩපණ කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රනිල් කියයි

Generic placeholder image

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටි අතර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු […]


Nov
22

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා දිනයේ ජල කප්පාදුවක්

Generic placeholder image

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කටුනායක – සීදුව, ජාඇල නගර සභාව, වත්තල – මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයටයි. එමෙන්ම, ජාඇල […]


News Articles
Latest Videos
Most Popular Post