සමාජ මාධ්‍ය ඔස්සේ තමාගේ ප්‍රකාශ බවට පවසමින් අසත්‍ය ප්‍රචාර පැතිර යන අතර තම නිල නිවේදන ජනාධිපති කාර්යාලයෙන් හෝ නිල සමාජ මාධ්‍ය තුලින් පමණක් නිකුත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයට මුහුදු සිංහයෙකු පැමිණ තිබෙනවා. ද්‍රැව මුහුදු ප්‍රදේශවල දිවිගෙවන මෙම සත්වයා දිය වැල් හේතුවෙන් මෙලෙස පැමිණෙන්නට ඇතැයි සාගර විද්‍යඥයින් සැක පලකරනවා. ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ රිටි පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක් විසින් මෙම මුහුදු සිංහයා මුලින්ම දැක තිබෙනවා. පසුව ඔවුන් හික්කඩුව වනජීවී කාර්යාලය දැනුවත් කර […]
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන “බාලා” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා. එම චිත්‍රපටයට පාදකවන්නේ තරුණ වියේදීම හිසකෙස් ගැළවී යාමේ රෝගයකට මුහුණපෑම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට ලක් වූ තරුණයකුගේ කතා පුවතක්. බාලා චිත්‍රපටය අමර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයක් වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තා. අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අති විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව ඔහු සිය ටිවිටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වාහනවලින් පිටවන කාබන් තත්ත්වයන් තවදුරටත් වායුගෝලයේ පවතින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවා. කෙසේ වෙතත් ඉන්දියාවෙන් බලපෑ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නැයි කථානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස […]
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය හෙට පස්වරු 1 සිට 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බව ඔහු පැවසුවා. අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු […]
වේවැල්දෙණිය ඉන්ධන පිරවුම් හලේ ගින්නක් ඇති වී තිබෙන බව මේ වන විට අපට වාර්තා වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ අනුව එතුමා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී මෙවර සා. පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ දෙසැම්බර් මස 02 වනදා සිටයි. මෙවර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙනවා.