දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව පැවසුවා. ගිගුරුම් සහිත […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පළ කර තිබෙනවා. නව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා – ජපාන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපාන තානාපති කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ආර්ථික සංවර්ධනය සහ වෙනත් කටයුතු උදෙසා […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා. මාළිගාවත්ත, මාළිගාකන්ද, පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තප්පලම්, ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති. ඒ අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. එමෙන්ම කොළඹ 03, 07, […]
මෙවර ජනාධිපතිවරණය මෙන්ම පශ්චාත් මැතිවරණ කාලසීමාව ද ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
7 වැනි විධායක ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය සහ එහි අර්ථය.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා. නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී මෙය පැවත්වූ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමේ උළෙල සජීවීව පහතින්.. https://www.facebook.com/siyathafmsrilanka/videos/801719553575568/
2019/11/16 දින පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තෝරා පත් කරගනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතා – 6924255 සජිත් ප්‍රේමදාස මහතා – 5564239 අනුර කුමාර දිසානායක මහතා 418553 ආරියවංශ දිශානායක – 34537 සිරිතුංග ජයසූරිය – 3944 දුමින්ද නවගමුව – 8291 රොහාන් පල්ලෙවත්ත – […]
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව පැවැත්වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ඡන්ද බල ප්‍රදේශයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනා ගනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 28,085 ක්. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 23,156 ක්. අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව2,124 ක්.
විවිධාකාරයෙන් බාධා අපහාස උපහාස විදදරාගෙන ජනතාව රටේ යහපත උදෙසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු බවත්, ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පල කෙරෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසයි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද(17) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි ඒ මහතා මේ බව සඳහන් කළේය. ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට බියෙන් සැකෙන් […]