ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්. මිකී ආතර් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම, පුහුණුකරුවෙකු ද වන අතර, කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් […]
අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සියලු අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහල දමා තිබෙන අතර එය අද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. මාකුඹුර සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 410 කොළඹ සිට මාතර දක්වා – 570 කඩවත සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් – 470 […]
ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බව එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් […]
ඡන්දපොළ තුළ දුරකථන භාවිත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගත හැකි ප්‍රතිපාදන පවතින බව පොලිසිය සදහන් කළා. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ ඡන්ද පොළ නිළධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව එලෙස පියවර ගත හැකි බවයි.
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය. 01 – තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන් 02 – මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අපේක්ෂකයන් වෙනුවෙන් පිළිවෙළින් අංක 1,2,3 යෙදීමෙන් ඡන්දය භාවිත […]
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහළ දැමූ බවයි ප්‍රිමා සමාගම පවසනවා. ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ දමා තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද අද මැදියම් රැයේ සිට ඉහල දමන බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට පුරවැසින්ට ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනම් හෙට පැවැත්වෙන ජනපතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදු විය හැකි බැවින් ඒ පිලිබදව අවධානයෙන් පසු වන ලෙසට.
2019 ජනපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සදහා නිරීක්‍ෂණ කණඩායම් බොහොමයක් මේ වන විට තම නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම හෙට පැවැත්වෙන ජන්ද විමසීම් කටයුතු සදහා සිය නිලධරීන් සුදානමින් සිටින බව නිරීක්‍ෂණ කණඩායම් වැඩි දුරටත් සදහන් කරනවා. විදේශ නියෝජිතයන්ද නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
හෙට පැවැත්වෙන ජනපතිවරණය සදහා ජන්දය ප්‍රකාශ කරන ජන්ද දායකයින් හට ජන්ද පොළට යන විට තම අනන්‍යතාවය තහවුරු කල හැකි ජාතික හැදුනුම්පත හෝ ඊට අවසර ඇති ලේකනයක් හැර එන කිසිදු දෙයක් නොගෙනෙන ලෙසත් විශේෂයෙන්ම අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ ගෙන ඒමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම ජන්ද දයකයිගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු හෙට පස්වරු 05 යි 30 න් පසුව ආරම්භ කෙරෙන අතර මධ්‍යස්ථාන 1550 කදී ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම සදහා මධ්‍යස්ථාන 371 ක්ද කොට්ඨාශ මට්ටමේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1179 කදී ද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් එක් කෝටි 59 […]
2019 ජනපතිවරණය සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් අවසන්. විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් හැකි තරම් වේලාසනින් තමාට අයත් ජන්ද මධ්‍යස්ථාන වෙත යෑමට කටයුතු කිරීමට උනන්දු වන්නේ නම් වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. විශේෂයෙන් සවස 02 ක පමණ වන විට තම ජන්දය ප්‍රකාශ කිරීමට උත්සහ කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ ප්‍රධාන බස් නැවතුමේ සිට අද අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ දිවයිනම ආවරණය වන පරිදි මෙම විශේෂ බස් රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක බවයි. මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ […]