වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ටට්යානා යන දෙපලට පුංචි පුතෙකු ලැබී තිබෙනවා. ඒ අද උදැසන කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පුංචි පුතා ඉපදී තිබෙනවා.
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර පන්දුවාර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ දෙවන තරගය අද ඒ, බි‍්‍රස්බේන් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙහි පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත් අතර ඒ අනුව තරගාවලිය 1/0 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවෙනවා.
අද දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, දකුණ ගිනිකොන ආදී පළාත් වලට සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇති වීමේ අවධානයක් තිබෙන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව තමිල්නාඩු පොලීසිය පවසනවා. ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
බංගලිදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවූ වසර 2 ක ක්‍රිකට් තහනමක් පණවා තිඛෙනවා. ඔහුට එරෙහි චෝදනාව වන්නේ තරඟ පාවාදීම්වලට සම්බන්ධ බුකීකරුවන් ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ ප්‍රයත්න පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දැනුවත් නොකිරීමයි. අයි සී සී දූෂණ මර්දන නීති කඩ කල බවට වරද පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකිබ් අල් හසන්ට මෙම තහනම […]
ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ පැවති සුවිශේෂී සැණකෙලියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. එම සැණකෙළිය “කෙසෙල් සැණකෙළිය” යනුවෙන් නම්කර ඇති බව සදහන්. ඉන්දියාවේ ඊසානදිග මනිපුරි ප්‍රාන්තයේ වාර්ෂික “කෙසෙල් සැණකෙළිය” මෙවර පැවැත්වුණේ දෙවන වරටයි. විවිධ විශේෂයන්ට අයත් කෙසෙල් වර්ග මෙම සැණකෙළියේ ඇති අතර එහිදී මනිපුරි ප්‍රාන්තයේ ජන නැටුම් කිහිපයක්ද එහිදී දැකගැනීමට හැකි වී තිබෙනවා. කෙසෙල් විශේෂ […]
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන […]
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වසා දැමීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට අද මෙම නියෝගය ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කළා.
යුරෝපා සංචාරයක් සදහා යුරෝපයට ගිය සනිධප සංගීත කණ්ඩායම එහිදී රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔවුන් ගමන් ගත් වාහනයේ රියදුරුට නින්ද ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග සදහන් කළා. මේ පිලිබද විමසීමට අප සනිධප සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔවුන්ව සම්බන්ධ කරගැනීමට මෙතෙක් නොහැකි වුණා.
ඇමරිකානු NBC රූපවාහිනියෙන් වසර තිහක් පුරාවට late night with david letterman වැඩසටහන කළ කළ david letterman ඊට සමුදී මේ වන විට my next guest needs no introduction with david letterman සාකච්ඡාමය වැඩසටහන netflflix උදෙසා ඉදිරිපත් කරනු ලබනවා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, ප්‍රහසනාත්මක සන්නිවේදකයකු, පිටපත් රචකයකු, නිෂ්පාදකවරයෙකු වන ඩේවිඩ් වයස 72 ඉක්ම වූවද තවමත් සිය වෘත්තියෙහි […]
පවතින අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තංගල්ල-වීරකැටිය මාර්ගයද ජලයෙන් යට වී තිබිම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට තංගල්ල පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය ද බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන බව වාර්තා […]