News Line| Off Air
Generic placeholder image

Oct
25

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වුණා. මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරුන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුන් වෙත පළමුව ප්‍රතිපත්ති […]


Oct
25

කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

යාපනය – කන්කසන්තුරේ ප්‍රධාන මාර්ගයේ 14 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්කසන්තුරේ කොට්ඨාශ රථවාහන අංශය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෝටර් රථයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 78යි ග්‍රෑම් 305 ක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරතව සිට […]


Oct
25

බ්‍රිතාන්‍ය අගමැති මහ මැතිවරණයක් ඉල්ලයි

Generic placeholder image

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට විපක්ෂ නායක ජෙරමි කොබින් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ මහ මැතිවරණය ලබන දෙසැම්බර් 12 වන දා පැවැත්වීම සදහා සහයෝගය ලබා දෙන ලෙසයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට තම එමගින් අවස්ථාව ලබා දෙන බවයි එතුමා අවධාරණය කරන්නේ. කෙසේ වෙතත් එරට විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ ගිවිසුමකින් […]


Oct
25

කොටුව – මඩකලපුව දක්වා දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

Generic placeholder image

පසුගියදා අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටුව සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රිය පීළි පැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබූණා. දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ මේ වන විට එම මාර්ගයේ යළි දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.


Oct
25

ජනපති කොමිසමේ පැමිණිලි විභාග කිරීම අවසන්

Generic placeholder image

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද දිනයේ සිට නතර කරන බව වාර්තා වෙනවා. ඒ ඒමේ කොමිසමේ නිල කාලය ලබන 31 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන හෙයිනි. මෙම කොමිසම පත් කලේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ විමර්ශනයට අදාලවයි.  


Oct
25

රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අටමස්ථානාධිපති හිමි පහදයි

Generic placeholder image

පසුගිය දිනවල කතා බහට ලක් වූ රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ සිදු කරන හෙයින් පලංචි සෑයේ බදට සකස් කිරීම තුලින් මහ සෑයට කිසිම හානියක් නොවන බව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් පවසනවා. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ අවුරුදු 80කින් පසු කොත්වහන්සේ අලුත් වැඩියා කිරීම හේතුවෙන් එලෙස පලංචි සකස් කල බවයි. විශ්වපාරමී පදනම විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු […]


Oct
25

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට සිට ජනතාවට බෙදා හැරීමට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. එමෙන්ම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර […]


Oct
25

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාව හමුවට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන තේමාව යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ.


Oct
25

අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක බොහොමයකට තද වැසි සහිත කාලගුණ තත්වයක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනය සදහන් වෙනවා. උතුර, නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල වැසි තත්ත්වය බොහෝ වර්ධනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැඩි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]


Oct
24

සිගරට් බොන මිනිස්සුන්ට ගරු කරන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
24

ඔබ ඔබේ කොණ්ඩය ගැන මේ දේවල් දැන සිටියාද?

Generic placeholder image

කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල නොදන්න කෙනෙක් නැහැ. ඒ වුනාට ඔය එක එක විලාසිතා කරලා හැඩට, පෙනුමට තියන් ඉන්න කොණ්ඩේ ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ගැහැණු පිරිමි අපි හැමෝටම කොණ්ඩය ගැන වැදගත් කාරණා කිහිපයක් කියන්නයි මේ සූදානම. 1. සංයුතිය කොණ්ඩේ පරිස්සම් කරගන්න උනන්දු වෙන හැමෝටම වැදගත් මේ කොණ්ඩේ කියන්නේ මොකක්ද කියල දැනගන්න එක. කොණ්ඩේ හැදිලා […]


Oct
24

ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදුණු විශ්ව විද්‍යාල සිසුන් 26 ක් අත්අඩංගුවට

Generic placeholder image

කොළඹ කොටුව ලෝටස් වටරවුමේ විරෝධතාවයේ යෙදී සිටි විශ්ව විද්‍යාල සිසුන් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ආකාරයෙන් පාගමන් පැවැත්වීම සහ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. මහපොල ශිෂ්‍යාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් […]


News Articles
Latest Videos
Most Popular Post