News Line| Off Air
Generic placeholder image

Oct
7

නාවලපිටිය වැසි ජලයෙන් යටවෙයි

Generic placeholder image

මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබෙනවා. නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබු බව සදහන්. වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය […]


Oct
7

ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මංගල රැළි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ පළමු ප‍්‍රචාරක රැළි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 09 වන දින අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය ඔක්තොම්බර් 10 ගෝල්ෆේස්හීදි පැවැත්වෙනු ඇත. […]


Oct
7

අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එම වැසිත් සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.


Oct
7

ජැකලින් ලංකාවට ඇවිත් ගහපු ටැටූ එක

Generic placeholder image

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම චරිතයක් තමයි ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ. ටැටූ කලාවට දැඩි ඇල්මක් දක්වන ඇය මෑතකදී ගහපු අලුත්ම ටැටූ එකේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඇය මෑතකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වූ අතර ශී‍්‍ර ලංකාවේදීම මෙම ටැටූ එක ගැසීම විශේෂත්වයක්. ඇගේ ශී‍්‍ර ලංකා සංචාරයේ තිබූ ඉන්ද්‍රජාලික කාලයක් ගැන මෙම ටැටූ එකෙන් ඇයට මතක් කරන බවද […]


Oct
7

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළා. මියයන විට ඒමහතා 69 වනවියේ පසු වූ බව සදහන්. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තල දී සිදු කිරීමට […]


Oct
7

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

Generic placeholder image

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්වුණා. පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහිදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ […]


Oct
7

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව එම කොමිසම සඳහන් කළ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතු වන්නේද පොලීසියේ අවසර ඇතිව බව […]


Oct
7

ජනාධිපතිවරණය 2019 – ඉදිරිපත්වන අපේක්ෂකයින් 35 මෙන්න

Generic placeholder image

මෙවර ජනාධිපතිවරනය සදහා 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කලද නාම යෝජනා භාර දී තිබුණේ 35 දෙනෙකු පමණයි. එහිදි විරෝධතා 2කක් ඉදිරිපත් වූ අතර එම විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කරනු ලැබු බවත් ඉදිරිපත් කරන ලද 35 දෙනාගෙම නාමයෝජනා භාර ගත් බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 35දෙනා පහත දැක්වේ. සමරවීර […]


Oct
7

දුම්රිය වර්ජනය අවසන්

Generic placeholder image

අඛණ්ඩව දොළොස්වන දිනටත් පැවති දුම්රිය සේවක වැඩවර්ජනය ජනපති තුමන් සමග සාකච්ජාවකින් පසු නතර කිරීමට වෘතීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය යථා තත්වයට පත්වනු ඇති බවයි පැවසෙන්නේ.


Oct
7

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී මිලියන 500 වටින හෙරොයින් කිලෝ 50 ක් අල්ලයි

Generic placeholder image

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී සැක සහිත වාහනයක් පරීක්ෂාකල අධිවේගී පොලිස් කොට්ඨාශයේ නිළදාරීන් විසින් පුද්ගලයන් දෙදෙනෙකු සහ හෙරොයින් කිලෝ 50ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙහි වටිනාකම මිලියන 500ක් බවයි වාර්තා වෙන්නේ. සැප රියක් තුල පොහොර උර දෙකක බහා මෙම හෙරොයින් කිලෝ 50 ප්‍රවාහනය කිරීමටයි සැක කරුවන් උත්සහා දරා ඇත්තේ. ඔවුන් ඇධිවේගි මාර්ගයට පිවිස ඇත්තේ කඩුවෙල පිවිසුමෙන් […]


Oct
7

නියමිත කාලය අවසන් වෙද්දී 41 දෙනෙකුගෙන් 35 දෙනෙක් නාම යෝජනා භාරදෙයි

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35ක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. නාමයෝජනා භාරදීමේ කාලවේලා මේ වන විට අවසන්ව තිබෙනවා. එමෙන්ම නාමයෝජනා සදහා විරෝධතා පල කිරීමේ කාලයත් මේ වන විට අවසන්ව තිබෙනවා. මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී […]


Oct
7

නාමයෝජනා භාර නොදුන් අය අතර කුමාර වෙල්ගමත්

Generic placeholder image

2019 ජනාධිපතිවරනය සදහා ඇප මුදල් තැම්පත් කර නාමයෝජනා භාර නොදුන් අපේක්ෂකයින් අතර කුමාර වෙල්ගම මහතාත් සිටින බව වාර්තා වෙනවා. ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 දෙනෙකු අතරින් තුන්දෙනෙකු නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරනොදෙන බවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ කුමාර වෙල්ගම, මහීපාල හේරත් සහ චමල් රාජපක්ෂ යන ඇප මුදල් තැම්පත්කල අපේක්ෂකයනුයි.


News Articles
Latest Videos
Most Popular Post