දිවයිනේ පුරා බොහෝ පලාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති විට එම ප්‍රදේශයෙන් හි සිදුවන අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළින්.
ඉතිහාසයේ ප්‍රථම වරට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා. ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසුවා. ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම […]
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති අතර එය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බව සදහන්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දැනට පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා. එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රියන් වල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියාසිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල […]
බලය ලබාගත් විට එය අත් නොහරින ලෙසත් බලය තවත් ශක්තිමත් කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස සදහන් කළා. “පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා. අලුත් තරුණ නායකයන් බිහි කළා. ඒක තමයි අපි කරපු ප්‍රධානම කරුණ. අපි 69 බෙදුනා 70 දී පරාජයට පත්වුණා.ආපහු බෙදෙන්න […]
ශ්‍රී ලංකාවට අලූතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබුවා. ජනාධිපති මන්දිරයේදී ඔවුන් අක්තපත්‍ර භාරදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. බෙල්ජියම, පෘතුගාලය, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, ඉතියෝපියාව සහ චිලී ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාරදී ඇති බව සදහන්.
ජනාධිපතිවරණයට අදාළව මාධ්‍ය කටයුතු විධිමත්ව සම්බන්ධීකරණය සඳහා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන, වීඩියෝ දර්ශන සහ හඩපට ජනමාධ්‍ය වෙත නිකුත් කිරීම මෙම මධ්‍යස්ථාන හරහා සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ජාවක් මේ මස 06 වනදා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ජාව සඳහා පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට ද එක්වන ලෙස දැනුම් දී තිබෙනවා. මෙම සාකච්ජාවේදී නාම යෝජනා දින ආරක්ෂාව, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණිය හැකි පක්ෂයක නියෝජිතයින් සංඛ්‍යාව සහ දැන්වීම් ප්‍රචාරය ඇතුළු කරුණු […]
ඉලෙක්ට්‍රොනික කෘතිම අතක් නිපදවූ පද්මනාදන් දුෂ්‍යන්තන් සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් විසින් ඊයේ (02) උපහාර උත්සවයක් සංවිධානය කළා. යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මහජනතාව ඉදිරියේ උපහාර දැක්වූ ආණ්ඩුකාරවරයා එම ශිෂ්‍යාගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මුදලින් රුපියල් ලක්ෂ දෙකක්ද පරිත්‍යාග කොට තිබෙනවා. පර්යේෂණ කටයුතු සහ කෘතිම අත් නිපදවීම පිළිබඳව ඉන්දියාවට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් හැදෑරීම […]