News Line| Off Air
Generic placeholder image

Oct
3

කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

අද පස්වරු 1.00ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එමෙන්ම තද වැසි ඇතිවෙන විට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු හා වයඹ පළාත්වලටත් බල පවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.


Oct
3

ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලාබසී

Generic placeholder image

ඓතිහාසික ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. මේ වසරේ ගාලු කොටු බැම්මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එක් ස්ථානයක් මෙලෙස ගිලාබැසීමට ලක්ව ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙකු කියා සිටියා. මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වලක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.


Oct
3

පළාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කරයි

Generic placeholder image

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව යාපනය පළාලි ගුවන් තොටුපල,  ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කර තිබෙනවා. ප්‍රාදේශීය ගුවන් තොටුපලක් ලෙස පැවති යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම පසුගිය ජූලි මස 5 වනදා ආරම්භ කෙරුණා. එහි සංවර්ධන කටයුතු මේ මස 10 වනදා වනවිට අවසන් වන අතර, […]


Oct
3

ලබන සදුදා කොළඹ පාසල් කිහිපයක් වැසේ

Generic placeholder image

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර ගනු ලබන, ලබන සඳුදා දින කොළඹ අධ්‍යාපන කලාපයේ කොට්ඨාස 03ක හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් ත්‍රිත්වයක් වසා තැබෙන බවයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදින ආරක්ෂක හේතුන් මත මෙම පාසල් වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බැවින් ඒ පිලිබදව සලකා […]


Oct
3

ශ්‍රීලනිප හා ගෝඨාභය අතර විශේෂ සාකච්ඡාවක් අද

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනපතිවරණය සදහා ගන්නා තීරණ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නොමැති අතර අද දිනයේ දී පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව දෙපාර්ශවයේ සන්ධාන ගත වීම ගැන මෙහිදී දුරටත් සාකච්ඡා කෙරෙන බවයි සදහන් වන්නේ.


Oct
3

රනිල් ගෙන ආ සජිත්ගේ අපේක්ෂකත්වය පිළිබද යෝජනාව සමුළුවට පැමිණි ජනයා ඒකමතිකව සම්මත කරයි

Generic placeholder image

අද පැවැත්වූනු එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේදී ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව සමුළුවට පැමිණි ජනතාව ඒකමතිකව සම්මත කළා. මීට අමතරව පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායක ලෙස කටයුතු කිරීමට ද ගෙන ආ යෝජනාව ස්ථිර වුණා.


Oct
3

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට – පක්ෂ සමුළුවේදී ස්ථිර කරයි

Generic placeholder image

මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවෙදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ද තිබෙනවා. තවත් යෝජනා කිහිපයක්ම මෙහිදී ඉදිරිපත් කෙරුණා.


Oct
3

යෝෂිත සහ නිතීෂාත් යුග දිවියට

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙනවා. යෝෂිත රාජපක්ෂ අතිනත ගන්නේ ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.


Oct
3

ගෝඨාභයට වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පුරු යන්න අධිකරණයෙන් අවසර

Generic placeholder image

පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. එය සලකා බැලු නීතිපතිවරයා විසින් ඒ මහතාට විදෙස් ගත වීම සදහා අද අවසර ලබා දී තිබෙනවා. මේ මස 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට සිටින බවයි වාර්තා වන්නේ.


Oct
3

එජාපයේ පරිවර්තනයක ඇරඹුම ඇරඹෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාපයේ මහා සමුළුව මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයෙදී ආරම්භ වුණා. මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගී වී සිටිනවා.  


Oct
3

සහල් මිල ඉහළට

Generic placeholder image

වෙළදපොලේ සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. සම්බා කිලෝවක් රුපියල් 90 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර නාඩු කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 91 ත් 92 ත් අතර මිලකටයි. වෙළදපොලට සහල් නිකුත් කිරීම අඩු වීම මෙලෙස සහල් මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඞී කේ රංජිත් මහතා […]


Oct
3

08වන දිනටත් අද දුම්රිය වර්ජනයේ

Generic placeholder image

සිය ඉල්ලීම් හිමිවන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩ ක‍්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ සිය ගැටලූ සදහා නිසි විසදුමක් ලබාදීමට රජය අපොහොසත්ව ඇති බවයි. වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. නොදන්වා සේවයට නොපැමිණෙන සියලූ […]


News Articles
Latest Videos
Most Popular Post