News Line| Off Air
Generic placeholder image

Sep
30

එජාප මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර […]


Sep
30

ලසිත් මාලිංගගේ අලුත් ටැටූ එක

Generic placeholder image

ටැටූ කියන්නේ තරුණ තරුණියන් අතර බොහොම ජනපි‍්‍රය මාතෘකාවක්.ඔබ හොඳින්ම දන්න කෙනෙක් ගහපු මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන ටැටූ එකක් ගැන තමයි මේ කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව ලසිත් මාලිංග මේ ටැටූ […]


Sep
30

ශී‍්‍ර ලංකා පාකිස්ථානු ගැටුමේ දැන් තත්ත්වය

Generic placeholder image

ශී‍්‍ර ලංකා පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන පාකිස්ථානු කණ්ඩායම මේ මොහොත වන විට කිසිවෙකු නොදැවී 66 ලබාගෙන තිබෙනවා. නොදැවී කී‍්‍රඩා කරන ලකුණු  fakhar zanan 39 ක්ද ලකුණු  Imam ul-haq 27 ක්ද ලබාගෙන තිබෙනවා. මේ මොහොත වන විට කි‍්‍රයාත්මක වන්නේ තරගයේ 14 වන පන්දු වාරයයි. 4.28 PM


Sep
30

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Generic placeholder image

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා […]


Sep
30

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ත් 100ත් අතර තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව කාලගුණ දෙපර්තම්නේතුවේ කාර්යයේ නියුතු […]


Sep
30

පකිස්ථානය පළමුව පිත්ත අතට ගනී – අද තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ කාසිය වාසිය පකිස්ථානය දිනාගත් අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න , කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම , දනුෂ්ක ගුණතිලක ,අවිශ්ක ප්‍රනාන්දු , ඕෂධ ප්‍රනාන්දු , ෂෙහාන් ප්‍රනාන්දු , […]


Sep
30

මේ කතාව නාමල් රාජපක්‍ෂගේ වෙඩින් එක ගැන නෙමෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Sep
30

කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. කස මෝරා ”ඇලෝපිඬේ” කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක් වන අතර මෙම මත්සයන් දඩයම් කිරීම තහනම්.


Sep
30

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය දින 100ක් වසයි

Generic placeholder image

වාර්ෂිකව සිදුකෙරෙන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයේ කටයුතු දින 100ක කාලයක් සඳහා වසා දැමෙන බව එම බලාගාරයේ පරිපාලන අංශ පවසනවා. මේ නිසා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල සැපයුමට අහිමි වනු ඇති බව සදහන්. කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ සෙසු ජනන යන්ත්‍ර දෙක තවදුරටත් ක්‍රියාත්මක වන බව එහි පරිපාලනය සඳහන් කළා.


Sep
30

ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයට කරච්චි නුවර සියල්ල සුදානම්න්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා – පකිස්ථාන තරග ආරම්භයට සියලු කටයුතු මේ වන විට සුදානම් බව වාර්තා වෙනවා. පකිස්ථානයට අවුරුදු 10 කට පසු ක්‍රිකට් වසන්තය අද උදා වී තිබෙනවා. ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් මහත් උද්යෝගයෙන් මෙම තරගය බැලීමට ක්‍රීඩාගාරය වෙත පැමිණෙන බව වාර්තා වෙන අතර එමෙන්ම තරගය සජීවීව නැරඹිමට ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් බලා සිටිනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් […]


Sep
30

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු මයිකල්ද සොයිසා මහතා මෙලොවින් සමුගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයෙක් ඇතුළු විවිධ තනතුරු ඔහු දරා ඇති අතර ඔහුගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.


Sep
30

ලෝක ඉන්ධන මිල ඉහළ යයිද? සෞදියේ කුමරුගෙන් දැඩි ප්‍රකාශයක්

Generic placeholder image

පසුගියදා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ලෝක බොර තෙල් මිල ගණන් ඉහල ගිය අතර මෙම ප්‍රහාර පිළිබද ඉරානය සහ සෞදි රජය අතර මතභ්දයකට හේතු වුණා. මේ හේතුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කලේ ඉරානය සම්බන්දයෙන් ගෝලීය ප්‍රජාව යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි. එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ […]


News Articles
Latest Videos
Most Popular Post