අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලූ තැපැල් දුම්රිය, අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ සඳහන් කළේ අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය 6 ක් පමණක් ධාවනය කිරීමට සූදානම් කර ඇති බවයි. වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ආණ්ඩුව, විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා. ඔක්තෝම්බර් මස 5 වනදා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිත බව කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවා.
පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට යහපත් අතට හැරමින් පවතිනවා. ඒ අනුව ක්‍රමයෙන් ගංගාවල ජල මට්ටම පහල බසිමින් යන අතර ඇතැම් ප්‍රදේශයන්ට පැවතුණු ගංවතුර තත්වය ඒ අනුව අඩුවෙමින් යන බව වාර්තා වෙනවා. දිවයිනේ දකුණු ප්‍රදේශයන්ට විශේෂයෙන් ගාල්ල ,මාතර දිස්ත්‍රික්කයන්ට ද මේ වන විට යහපත් කාලගුණයක් පවතින බව වාර්තා වෙන අතර […]
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබදව කෙරෙන අවසන් තීරණය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කෘත්‍යධිකාරී මණ්ඩලය අතර පවතින සාකච්ඡාවකින් අනතුරුව සිදු […]
ඉන්දුනීසියාවේ මලුකු දුපත් අසල අද උදෑසන භු කම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි අගය රික්ටර් මාපකයේ සදහන් ව ඇත්තේ ඒකක 6.5 ක් ලෙසයි. මෙම භු කම්පනයෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර භු කම්පනය සිදු වූ ප්‍රදේශයේ තිබු ගොඩනැගිලි වලට මේ හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
එක්සත් ජාතින්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් සිය සාම සාධක මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කර ඇති බව වාර්තා වෙනවා. මිට හේතු වශයෙන් විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට වත්මන් යුධ හමුදාපති වරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි. මානුෂිය මෙහෙයුම් සිදු කරන ලද […]
මෙවර ජනපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04 කින් සහ ස්වාධින කණ්ඩායම් 03 කින් පුද්ගලයින් හත් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එනම් පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, ජයන්ත කැටගොඩ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ , […]
ඉන්දුනීසියා කලාපයේ බටහිර පැපුවාහි ඇති වි තිබෙන විරෝධතා හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් විරෝධතා කරුවන් ගිනි තබා තිබෙනවා. ඒ අතරින් බොහොමයක් එරට රජයේ ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් පුද්ගල මරණ 27 සිදුව තිබෙන බව පැවසෙන අතර මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සමබන්ධ බව වාර්තා වෙනවා. විශේෂයෙන් ම විරෝධතාවන් කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් […]
අද පාපැදි සවාරිය බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ වන අතර අවසන් වන්නේ කුරුණෑගලින්. ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන දිනයේ ජයග‍්‍රහණය ඊයේ හිමි කර ගැනීමට වරාය අධිකාරී කණ්ඩායමේ සුජිත් හසන්ත සමත් වුණා. දෙවන ස්ථානය හිමි කර ගත්තේ වරාය අධිකාරී කණ්ඩායමේ චමෝද් ද සිල්වා යි. තුන් වන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත විසින් දිනා ගත්තා. පාපැදි සවාරියේ […]
ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 20යි 20 තරගාවලියකට පැමිණෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරාධනා කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තරගාවලිය ලබන ජනවාරි මස 05 ,07,10 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිලිබද සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස දෙවන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් සිටින බවයි. නියෝජ්‍ය කථානායකවරයා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පසුගිය 24 වනදා පස්වරුවේ කාරක […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අද පස්වරු 3ට රැස්වීම කැදවා ඇති බවයි. සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයි […]