මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සදහන් කළා. ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු පැවසුවා. ඒ අනුව ඉලක්කම් […]
ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර දෙනු ලබන්නේ ඔක්තෝබර් 07 දායි. ඒ හේතුවෙන් එදිනට ආරක්ෂාවට පොලිසියෙන් 1700 ක් පමණ පිරිසක් යොදවා තිබෙන බව සදහන් වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ද රථ වාහන අංශයේ නිලධාරීන්ද යොදවා තිබෙන බවයි.
ශ‍්‍රී ලාංකිීය ගායන වැඩසටහන් ඉතිහාසයේ ප‍්‍රථම හා එකම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් රියලිටි වැඩසටහන වන සියත වොයිස් ඔෆ් ඒෂියා 20 / 20 මුලික හඩ පරීක්ෂණ අද ආරම්භ වුණා. ඒ මාතලේ ග‍්‍රෑන්ඞ් මවුන්ට් හෝටල් පරිශ‍්‍රයේ දීයි. කුරුණෑගල මහනුවර මාතලේ නුවරඑළිය හා කෑගල්ල නියෝජනය කරමින් අයදුම්පත් යොමු කල තරගකරුවන්ට මේ සදහා කැදවීම් සිදු කර තිබෙනවා. මුලික වටයේ හඩ […]
මෙවර ජනපතිවරණයට යම් හෙයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් මෙය ඉතිහාසයට එක්වන ජනපතිවරණයක් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ප්‍රකාශ කළා. ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපතිවරණය සදහා රුපියල් මිලියන 4500 ක් වැය වන බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා.ඉදිරිපත් වන අපේක්ෂකයින් තවත් වැඩි වුවහොත් මෙම මුදල ද ඉහළ යනු ඇති බවයි ඔහු සදහන් කලේ. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ අද මධ්‍යම රාත‍්‍රිය දක්වා තමන් අයත් දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය […]
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළා. ඒ විජිත් මළල්ගොඩ ,ප‍්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද යළි කැදවූ අවස්ථාවේ දීයි. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර […]
දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
පකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් ඉන්දියාවට ඇතුල් වී ඇති බවට එරට බුද්ධි අංශයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත ඉන්දියාවම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ත්‍රස්ත වාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටින බවයි එරට ආරක්ෂක අංශ අනාවරණය කරන්නේ. ඒ අනුව එරට ගුවන් තොටුපොළවල් සහ ජනතාව ගැවසෙන ස්ථානයන් පිලිබදව අවධානයෙන් […]
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහනට අපේක්ෂකයින් 08 දෙනෙකු සහභාගී වන බව නිළ වශයෙන් තහවුරු කර තිඛෙනවා. විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළා. සියලු අපේක්ෂකයින් එක […]
ලබන දෙසැම්බර් මාසය වන විට නව සුරාබදු පණතක් ලෙන ඒමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ යි. ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී මෙම සොරකම සිදුව තිබුණා. මෙම අළු සහිත බඳුන එම අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුනේ මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළ 1948 වර්ෂයේ සිටයි. 1948 […]
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04) ඇප තැන්පත් කරනු ලැබුවා. අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.