News Line| Off Air
Generic placeholder image

Oct
4

එජාපයේ වෘත්තීය සමිති මහා සමුළුව අදයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති මහා සම්මේලනය අද කැදවා තිබෙනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පස්වරු 1 ට එය ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලූ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඊට එක්වනු ඇති. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද දහවල් […]


Oct
4

දැනට ජනපති සටනට අපේක්ෂකයින් 21ක්

Generic placeholder image

ජනාධිපතිවරණයට සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයක් භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණය අපේක්ෂකයින් 21 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනසෙත පෙරමුණ වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කලේ පුජ්‍ය බත්තරමුල්ලේ […]


Oct
4

තැපැලත් රජයෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

තැපැල් කාරයාලවල අක‍්‍රීය වී ඇති පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම සදහා වහා මැදිහත් වන ලෙස ලංකා තැපැල් සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. තැපැල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කළේ ප‍්‍රධාන තැපැල් කර්යාල හා තැපැල් පාලන කාර්යාල ඇතුළු ගිණුම් කාර්යාල තුළ පවතින පරිගණක ජාල දින 6 ක සිට අක‍්‍රීයව පවතින බවයි. මේ හේතුවෙන් විද්‍යුත් මුදල් […]


Oct
4

ගෝඨාභයගේ පුරවැසිභාව පිළිබද ගොනු කල පෙත්සම අද 03වන දිනටත් සලකා බලයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ තුන් වන දිනටත් සලකා බැලීමට නියමිතයි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සය ඊයේ කැදවු අවස්ථාවේ දී තුන්වන වගඋත්තරකරු ලෙස නම් […]


Oct
4

ලොකු ලුණු මිල පහලට

Generic placeholder image

ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල අද සිට රුපියල් 220 ක් පමණ දක්වා අඩු වනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ ලොකු ලූනු කිලෝවක බද්ද අඩු කිරීම හේතුවෙන් මෙලෙස මිල අඩු වනු ඇති බවයි. ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා වන බද්ද රුපියල් 39 කින් පහළ […]


Oct
4

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

Generic placeholder image

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට ඊයේ පස්වරුවේ අත්සන් තැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා මෙම වර්ජනය ආරම්භ කළා. ඔවුන් සදහන් කලේ සිය ශ්‍රේණි […]


Oct
4

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ පුරා බොහෝ පලාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති විට එම ප්‍රදේශයෙන් හි සිදුවන අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Oct
3

වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක්

Generic placeholder image

මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළින්.


Oct
3

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සී.සී.ටී.වී කැමරා

Generic placeholder image

ඉතිහාසයේ ප්‍රථම වරට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා. ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසුවා. ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම […]


Oct
3

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන විශේෂ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

Generic placeholder image

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති අතර එය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බව සදහන්.


Oct
3

ජනාධිපතිවරණය සමග කරළියට එන ගිරවා තියරිය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
3

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාවට පොලිසිය යොදවයි

Generic placeholder image

දැනට පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා. එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රියන් වල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post