අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆෙස් බුක් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර තිබෙනවා. “ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.” යන්න එහි සිංහල තේරුමයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඒ බව ඔහු සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණයෙදී ඔවුන්ද වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද සම්බන්දයෙන් එහිදී තීරණය කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉරානය විසින් සවුදියට ප‍්‍රහාර එල්ල කළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසනවා. ඔහු සදහන් කලේ චෝදනා එල්ල කරන ඇමරිකාව විසින් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කල යුතු බවයි. පසුගිය 14 වනදා සෟදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය ඉරාන විසින් සිදු කල බවට ඇමරිකාව හා සෞදිය චෝදනා කලා. ඒ අනුව ඉරානයට […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් සහභාගී නොවන අතර ඊට හේතු වුයේ 2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇතිවූ ගැටළු සහගත ආරක්ෂක තත්වයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට […]
ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය අදත් ක‍්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා. වර්ජනය ඊයේ ආරම්භ වුනේ වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්. මේ හේතුවෙන් දිවයින පුරා පාසල් වල කටයුතු වලට බාධා එල්ල වුණා. වසර 22 ක සිට පවතින මෙ වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදීමට බළධාරීන් පියවර ගත යුතු බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා […]
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ. අද දින තැපැල් ඡුන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡුන්ද දායකයින් සදහා ලබන 4 වනදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ජන්ද විමසීම […]
දිවයිනේ පුරා අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. පසුගිය දින කිහිපය තුල අද හැලුණු අධික වර්ෂාව ඊයේ දිනයේදී පහව ගිය බව පෙනුනත් අද සවස් වරුවේ තද වැසි ඇතිවියහැකි කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
තම රජයක් යටතේ, වත්මන් රජය මගින් පනවා ඇති අසාධාරණ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට හෙට සිට යලිත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 16,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීම අත්‍යාවශ්‍ය සේවාවක් […]
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ඊජිප්තුවට අයත් වටිනා කෞතුක භාණ්ඩයක් යළි බාරදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මෙසේ යළි බාරදී ඇත්තේ රන් ආලේපිත දැවමය මිනී පෙට්ටියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊජිප්තුවේදී සොරාගැනුණු වටිනාකමින් ඉහළ පුරාවස්තුවක් යළි මව් රටට භාරදීමට අමෙරිකානු රජය තීරණය කර ඇති අතර නිව්යෝර්ක්හි පැවැති විශේෂ උත්සව අවස්ථාවකට එක්වූ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපතිවරයා මේ බව නිවේදනය කර තිබෙනවා. මෙසේ […]
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 64 දෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මෙම සැකකරුවන් නුවරඑළිය කඳවුරෙහි අවි පුහුණුව ලබා ගත් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.