තවත් එන්නත් මාත්‍රා මිලියන 12ක් ලබන මාස 02 තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත වල අහස වලාකුළින් බර ව පවතී. බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 443,186ක්.
සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.
විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන බවත් මෙම නව වෛරස් ප්‍රභේදය “මූ” නමින් නම් කර තිබෙන අතර එය පුද්ගලයෙකුගේ ප්රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව මේ වන කොට හදුනාගෙන තිබෙනවා. කොලොම්බියාව තුල මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි සැප්තැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වන අතර එම තරගය හෙට පස්වරු 3.00 ටදිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප්‍රේක්ෂක පිරිසට සියත tv තුලින් තගරය නැරඹීමට අවස්ථාව උදා කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා. විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ල පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ඉන්දියවේ උත්තර් ප්‍රාන්තයේ දරුණු වෛරස් උණක් පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සන්ධි වේදනාව, විජලනය , ඔක්කාරය, මෙම වෛරස් උණෙහි රෝග ලක්ෂණ වන අතර මෙම වෛරසය අසාදනය වීමෙන් වැඩි පිරිසක් කුඩා ළමුන් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ. මෙම උණ වෛරසය මදුරුවන් මගින් බෝවන බවට මේ වන විට මත පළ වී ඇතත් එය තවම තහවුරු […]
වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් අද සහ හෙට ගෙවීම සදහා තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා සදහන් කරනවා. ඒ අනුව ඒ සදහා පැමිණෙන පුද්ගලයින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වලට අනුගතව තැපැල් කාර්යාල වෙත පැමිණෙන ලෙස ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.
සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේ තොග වෙළදාම සදහා විවෘත කර තිබෙන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කරනවා.