උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් සැප්තැම්බර් 15 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබෙන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම් දෙකක් සිදුවී තිබෙන අතර එයින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමු පිපිරීම සිදුව ඇත්තේ, ගුවන් තොටුපළට අසන්නව පිහිටි බාරොන් හෝටලය අසලදී වන අතර එම හෝටලය බ්‍රිතාන්‍ය විසින් භාවිතා කර ඇත්තේ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටි ඇෆ්ගනිස්ථාන වැසියන් සූදානම් කිරීමටයි. ඉන් අනතුරුව දෙවෙනි පිපිරිම […]
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට […]
විදේශගත වීමට අවශ්‍ය සියලු පුද්ගලයින් සඳහා කොවිඩ් – 19 ස්මාර්ට් එන්නත් සහතිකය ලබාදීම සඳහා මාර්ගගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒ්ජන්සිය (ICTA) ප්‍රධානත්වයෙන්..
ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තරගාවලිය සදහා සහභගි වීමට අද දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණියා.. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත් වන අතර සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ සියත TV..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙන අතර ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක්.
ජපානයේ හිටිය නින්ජවරු ගැනයි මේ කියන්න හදන්නේ..ඔවුන්ගේ සටන් කලාව හරි විශිෂ්ටයි…ඔබ අසා ඇති.. මේ ඒ ගැනයි..
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ලොව සෙසු රටවල් වල කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් අඩුවීමක් දක්නට ලැබුනද ශ්‍රී ලංකාව තුල වැඩි වීමක් පෙන්නුම් කරන බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.
චීනයට මැග්නිටියුඩ් ඒකක 5.4 ක භූ චලනයක බලපෑම් එල්ල වී තිබෙනවා. චීනයේ ගන්සු පළාතේ මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,
ත්‍රස්තවාදී ප්රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ අවදානම හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොළ අසළ රැඳීනොසිට වහාම ඉවත්ව යන්නැයි අමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත් දස දහස් ගණනක් ජනතාව ගුවන්තොටුපොළ අසළ රැදී සිටින බවට වාර්තා වෙනවා.
මේ වසරේ වැඩිම උද්ධමනයක් ඉකුත් මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වනවා.