නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. එම ප්‍රකාශයේ සදහන් වන්නේ 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු […]
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටිනවා. ඒ ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක් කොවිඩ් ආසාදිත හදුනාගැනීමත් සමගයි.
තලෙබාන් සංවිධානය විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර ඉන් අනතුරුව ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දැනුම් දී තිබෙන අතර කාන්තාවන්ට සේවය කිරීම සඳහා අවසර ලබා දී සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් නිවසට වී සිටින ලෙසට තලේබාන් සටන්කාමීන් නියෝග කර තිබෙනවා.
චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. අදාල එන්නත් තොගය ලබන 28 වෙනිදා මෙරටට ගෙන එනු ඇති.
අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන පහත පරිදි වේ…
මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. සීනි ගෝනි 200ක පමණ තොගයක් පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සුදානම් කර සිටියදී මෙම වැටලීම සිදු කර ඇත්තේ.
පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15න් පසු නිකුත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 4446ක් වාර්තා වූ අතර වාර්තා වූ මරණ ගණන 190ක්. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන තුන් ලක්ෂ 98, 801 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් […]
ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..