නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා තිබෙනවා. ඒ අනුව ඒ සදහා රුපියල් දස දහසක දඩයක් සහ මාස 6 සිර දඬුවමක් ලබාදීමේ හැකියාව අධිකරණයට පවතින බවයි පොලිසිය සදහන් කරන්නේ. ගත වු පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හා ඉකුත්දා ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් මර්දනය කිරීම ආදී හේතුකොටගෙනයි.
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මක කිරීමට කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කරනවා.
හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමක් පිලිබදව සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.
ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත අද සිට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුවකොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ට නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව පැවසෙනවා. මේ අතර අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත […]
මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිරසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ […]
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කය කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස මහනුවර දිස්ත්‍රික්කය මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ,විහාර පටුමඟවිහාර මාවතකප්පර පල්ලිය පාර සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස […]
ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. මීට පෙරද ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණා.
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා වී තිබෙනවා. ඒ මරණ අතුරින් 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් වේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානයෙන්.
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.