අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් මෙලෙස වාහන වලින් පිරිස් කොළඹට ඇතුළුවීම සදහා පැමිණෙමින් සිටින බව පැවසෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා පිලිබදව තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්.
ඊයේ (02) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ඉකුත් මැයි 17 වනදා සිට ජුනි පළමු වනදා දක්වා කාලය තුළ කොරෝනා මරණ 39 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාසදහන් කරනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන්. මේ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් […]
මේ වන විට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අමෙරිකාව සතු අතිරික්ත එන්නත් එන්නත් මාත්‍රා මි. 80ක් ගෝලීයව බෙදා හැරීමට අමෙරිකාව සූදානම් වනවා. ඒ අනුව ඊට අදාල ක්‍රමවේදය ඉදිරියේදී ගනු ලැබීමට නියම්ත අතර ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් මෙලෙස බෙදා හැරීමට සුදානම් වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් […]
වැලිමඩ, බැලුම්ගල කන්දේ ඇති වූ ගින්නකින් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින්. ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් දෙකක පිරිස් මේ වන විට තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව පැවසෙනවා.
දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි. වැඩි දුර විස්තර සදහා 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ගිනිගත් නෞකාව මුහුදුබත් වීමේ අවදානම සැලකිල්ලට ගෙනයි. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට හැකි හෙයින් යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් […]
X-PRESS PEARL නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කල අතර කෙසේ වෙතත් එම කටයුතු මේ වන විට නවතා ඇති බව නාවික හමුදාව සදහන් කරනවා. ඒ එම නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීමත් සමඟයි.