අත්‍යවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් කාර්යාල විවෘත කර තබන ලෙසටයි වැඩි දුර දැනුම් දී ඇත්තේ.
සංචරණය සීමා පනවා තිබෙන කාල සිමාවේ දිවයිනේ සියලු මත්පැන් අලෙවි සැල් වලට මුද්‍රා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
මෙරට එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබෙනවා. ඒ මේ දක්වාදිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන බවයි විෂයභාර අමාත්‍යවරයා සදහන් කරන්නේ. සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකු සඳහා ලබාදීමට ඊයේ කටයුතු කර තිබෙනවා.
නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු පැය 24දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන 1,047 ක්. ඉකුත් මාස 14ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල සමස්ත පිරිස 19,102ක් බවයි පොලිසිය සදහන් කරන්නේ. ඒ අතරීන් එක් දිනකදී නිරෝධායන නීති උල්ලංඝනය වැඩිම පිරිස ඊයේ වාර්තා වුණා.
කොරෝනා වෛරසයේ ප්‍රභේද හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නව හදුන්වාදීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය – “ඇල්ෆා” දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙස මෙලෙස අලුතින් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එක් එක් රටවල් වලින් හමු වූ වෛරස් ප්‍රභේද […]
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,912ක් හදුනා ගැනුණු අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 490 ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260දෙනෙකු වාර්තා වී තිබේ.
කොරෝනා අසාදනය වී මිය ගිය තවත් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට ධිවර කටයුතු සදහා අවසර ලබාදී ඇති බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
එළවළු හා පළතුරු ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. ආර්ථික මධ්‍යස්ථාන ද ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පිරිස 151,740 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මහ මැතිවරණයේ දී හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කලේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.