News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා දිගු කෙරේ

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


May
31

වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීම තාවකාලික අත්හිටුවයි

Generic placeholder image

වියට්නාමයේ සංචාරය කර ඇති සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබෙන වාර්තා වෙනවා. එම තහනම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.


May
31

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

Generic placeholder image

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා. ඒ අනුවමැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.


May
31

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 608ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වේ..


May
31

සතොස භාණ්ඩ ඇනවුම් කිරීම සදහා ක්ෂණික දුරකතන අංකයක්

Generic placeholder image

අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන අතර 1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි වන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසනවා.


May
31

තවත් කොවිඩ් මරණ 36ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
31

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

Generic placeholder image

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය තිබෙනවා. ඒ කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් .


May
31

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]


May
30

කලවාන ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබයි

Generic placeholder image

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.


May
30

පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි අද අපවත් වී තිබෙනවා. ඒ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසුවූ වූ අතර ඉකුත්දා කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත්ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් මෙලෙස උන්වහන්සේ අපවත් […]


May
30

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 ඉක්මවයි

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක්.


May
30

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කෙරේ

Generic placeholder image

බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි. ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post