News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

ගිනි ගැනීමට ලක් වූ නෞකාව නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති සුන්බුන් ඉවත්කිරීමට ගුවන් හමුදාවේ සහය ( photo )

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ x press parl නෞකාව නිසා මෙරට වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහය හිමිව තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේත් මීගමු වෙරළට ගොඩගැසූ පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදා භට කණ්ඩායමක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත යෙදවීමට පියවර […]


Jun
2

කොළඹට ඇතුළුවන මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගනී

Generic placeholder image

කොළඹට ඇතුළුවන මාර්ග කිහිපයක මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. ඒ වාහන පරීක්ෂණ සිදු කරන ස්ථාන වල කොළඹට ඇතුළුවන වාහන සදහා විශේෂ ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙළ හේතුවෙන්.


Jun
2

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹෙයි

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වන්නේ. නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද පැවසෙනවා. ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු වී ඇති බව වාර්තා වෙනවා.


Jun
2

ඊයේ දිනයේ කොරෝනා මරණ 01ක් – සමස්ත මරණ ගණන 1527ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා ආසදිතව එක් මරණයක් සිදුව ඇති අතර ඉකුත් මැයි 20 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල කොරෝනා මරණ 43 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
2

කොළඹට ඇතුළු වන වාහනවලට විශේෂ ස්ටිකරයක්

Generic placeholder image

අත්‍යාවශ්‍ය සේවාවන් සදහා කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් පසු එක් දිනකට පමණක් වලංගු වන ලෙස විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඊට හේතු වන්නේ මේ සංචරණ සිමා කාලය තුල එකම වාහනය නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සදහායි. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන […]


Jun
2

අඛන්ඩව දෙවන දිනටත් නිරෝධායන රීති කැඩු පිරිස දහස පනියි

Generic placeholder image

ඊයේ දෙවන දිනටත් නිරෝධායන රීති කැඩු පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එම ගණන 1038ක්. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්.


Jun
2

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.


Jun
1

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් ජංගම දුරකතන කිහිපයක් හමුවෙයි

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් පාර්සලයක් සොයාගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකථන10 ක්, ජංගම දුරකථන බැටරි 14 ක්ජංගම දුරකථන සිම්පත් 11 ක්ජංගම දුරකථන චාජර් 01 ක් හමුව තිබෙනවා. ඒ පිලිබදව වැඩි දුර වීමර්ශන පොලිසිය සිදු කරනු ලබයි.


Jun
1

ලුණු කුඩු අඩු මිලට සතොසින්

Generic placeholder image

ලුණු කුඩු අඩු මිලට සතොසින් ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34කි.


Jun
1

අමෙරිකාව අගහරු හොයනවා – අපි ලුණු හොයනවා

Generic placeholder image

ලෝකයේ ඇතැම් පිරිස් අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව උනන්දුවක් දක්වනවා. විශ්වයේ රහස් සෙවීමට මහත් කුතුහලයක් දක්වන ඔවුන් ගේ අරමුණද වන්නේ කෙසේ හෝ අභ්‍යවකාශ තරණය කිරීමටයි. අද කතා කරන්නේත් එවන් කාන්තාවක් ගැනයි….


Jun
1

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගනී

Generic placeholder image

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 7 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එම ලබාගත් කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jun
1

මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Generic placeholder image

එන්නත්කරණ වැඩසටහනක ට බාධා කිරීමේ චෝදනාව මත ඉකුත් දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post