News Line| Off Air
Generic placeholder image

May
21

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුම්

Generic placeholder image

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්වයි. රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.


May
21

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 38ක්

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් ඇත. අදාල නිවේදනය පහතින් ,


May
21

අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදකලා කෙරේ

Generic placeholder image

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද හුදකලා කර තිබෙනවා. තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කය පලාලි පොලිස් බලප්‍රදේශයේ,පලාලි උතුර මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා පොලිස් බලප්‍රදේශයේ,කල්මඩුකිරිවැවසෙවනගලබහිරාව මොනරාගල දිස්ත්‍රික්කය සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,හබරත්තවෙලහබරුගලමහගමඉදිකොළපැලැස්ස පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම […]


May
21

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස යුද හමුදාපති නිවේදනය කරයි

Generic placeholder image

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කර සිටිනවා. ජනතාව එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුධහමුදාපතිවරයා සදහන් කර සිටිනවා.


May
20

අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කෙරේ

Generic placeholder image

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මේ වන විට පවතින තත්වය හමුවේ අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.


May
20

ග්‍රාම නිලධාරී වසම් 42 ක හුදකලා බව ඉවත් කෙරේ

Generic placeholder image

ග්‍රාම නිලධාරී වසම් 42 ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එලෙස හුදකලාබව ඉවත් කළ ප්‍රදේශ පහතින්,


May
20

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් – 27 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර

Generic placeholder image

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්


May
20

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර […]


May
19

ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කරයි

Generic placeholder image

ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා විශේෂ කමිටුවක් පත් කරමින් ඊට අවශ්‍ය එන්නත ලබාදීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


May
19

ඊශ්‍රායල හමුදා විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කරයි

Generic placeholder image

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබෙනවා. ඒ විනාඩි 25 ක කාලයක් තුළයි. ඒ අනුව මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 කට ආසන්න වන බවයි පැවසෙන්නේ. හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් මෙලෙස ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.


May
19

අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක්

Generic placeholder image

අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
19

ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් වතුර නෑ

Generic placeholder image

අද ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ […]


News Articles
Latest Videos
Most Popular Post