කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ බහාලුමක හටගත් පිපිරීමෙන් අනතුරුව එම නෞකාවේ තිබු කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා. එම කන්ටේනර් තුළ අඩංගු ද්‍රවය කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බැවින් එවැනි දේවල් වෙරල තීරය තුල නිරීක්ෂණය වුවහොත් ඒවා ස්පර්ශ කිරීමට යාමෙන් වලකින ලෙසත් ඒ […]
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ පිලිබදව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ, “මේ සාකච්ඡාවේදී තීරණය කළා දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරලා තියෙන මධ්‍යස්ථානවල කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව […]
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා. ඒ අනුව අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිතව මෙම ගංවතුර අවදානම ඇතිව තිබෙන අතර එම ගංගාවල් ආශ්‍රිතව පහත් බිම් වල වෙසෙන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසට බලධාරීන් සදහන් කර සිටිනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් පියවර හේතුවෙන්. කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට හට පවා එන්නත්කරණය සිදු නොවී තිබෙන පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට පමණක් මේ ආකාරයට එන්නත්කරණය සිදු කිරීම ගැටලු සහගත බව පවසමින්.
ගත වූ පැය 24 මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,971 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එන අනතුරු ඇගවීම සිදු කල ප්‍රදේශ පහතින්, නුවරඑළිය දිස්ත්‍රික්කය⭕අඹගමුව⭕නුවරඑළිය⭕කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කය⭕ඇහැලියගොඩ⭕කුරුවිට⭕කිරිඇල්ල⭕අයගම⭕ රත්නපුර⭕ඇලපාත⭕පැල්මඬුල්ල⭕නිවිතිගල⭕කලවාන⭕ඉඹුල්පේ⭕බලංගොඩ
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී’ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. එම මුහුදු ප්‍රදේශ වල ධීවර හා […]
එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ එම නෞකාවේ එක් බහාලුමකයි. කෙසේ වෙතත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට නාවික හමුදාව සමත් ව තිබෙනවා. නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි අනාවරණය වී ඇත්තේ. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි […]
හෙට අලුයම 4 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේකුරුවිට පොලිස් බලප්‍රදේශයේ කුරුවිය ග්‍රාම නිලධාරී වසමදෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස ගාල්ල දිස්ත්‍රික්කයේඅම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේකිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම නුවරඑළිය දිස්ත්‍රික්කයේඩයගම පොලිස් බලප්‍රදේශයේ සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටසසන්දිරිගම වත්තේ NLDB සත්ත්ව ගොවිපොළ […]
සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවයි පැවසෙන්නේ.