News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂ 03 පනියි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 4,452 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ මරණ සංඛ්‍යාව 303,751 ක් ලෙසයි. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයේ ඉන්දියාව පසුවෙනවා.


May
24

දුම්රිය කිහිපයක් හෙට ධාවනයට

Generic placeholder image

සංචරණ සීමා ලිහිල් වන හෙට දිනයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.


May
24

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Generic placeholder image

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර […]


May
24

ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක්

Generic placeholder image

ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව තිබෙන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
23

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

Generic placeholder image

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සිය fb පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කර තිබෙනවා. ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබෙනවා.


May
23

මැයි 25 වැනිදා දිනයෙත් සියලුම මත්පැන් අලෙවි සැල් වැසේ

Generic placeholder image

මැයි 25 වැනිදා දිනයෙත් බලපත්‍ර ලාභී සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.


May
23

ශ්‍රී ලංකාව – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Generic placeholder image

ශ්‍රී ලංකාව – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද ඩකාහිදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරා විසින් දරන අතර ඔහු නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි.


May
21

අද මේ දක්වා ආසාදිතයින් 2,891ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2,891ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් ලෙස වාර්තා වෙනවා.


May
21

අන්තවාදී මත පැතිරූ පුද්ගලයෙක් TID අත්අඩංගුවට

Generic placeholder image

අන්තවාදී මත පැතිරූ පුද්ගලයෙක් TID අත්අඩංගුවට තිබෙනවා. 29 හැවිරිදි සැකකරු සහරාන් හෂිම්ගේ අනුගාමිකයෙකු වෙමින් 2018 වසරේ සහ 2019 වසරේදී අන්තවාදී මත පැතිරවීම සඳහා පන්ති පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.


May
21

හොදම බැති ගීයට 30 000ක් හිමිවන සියත online බැති ගී ප්‍රසංගය

Generic placeholder image

එළඹෙන වෙසක් පොහොය වෙනුවෙන් siyatha fm ගුවන් විදුලිය මගින් සිය ශ්‍රාවකයින් වෙනුවෙන් විශේෂ වැඩ කටයුත්තක් සංවිධානය කර තිබෙනවා. ඒ siyatha oniline බැති ගී ප්‍රසංගය. මේ දිනවල නිවසේ සිටින පවුලේ අය සමග එක්ව භක්ති ගීතයක් ගායනා කර එම වීඩියෝව 071 112 1074 අංකයට whatsapp මගින් යොමු කිරීමෙන් ඔබටත් මේ සමගින් එක්විය හැකිය. මේ හා සම්බන්ධ වන […]


May
21

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස්

Generic placeholder image

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය පිලිබදව චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සැකකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝග කර තිබෙනවා.


May
21

නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

Generic placeholder image

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බැවින් ධීවර සහ නාවික ප්‍රජාව නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


News Articles
Latest Videos
Most Popular Post