අද මැදියම් රැයේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද මැදියම් රැයේ සිට කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරේ. දුම්රිය ධාවන කටයුතු යළි 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සටන් විරාමය හමාස් සංවිධානය පලස්තීනුවන් අත්කර ගත් ජයග්‍රහණයක් ලෙස හදුන්වා තිබෙනවා. ඉකුත් දින කිහිපය තුල දෙපාර්ශවයම අතර ඇති වූ ගැටුම් වලින් පලස්තීනුවන් 232 දෙනෙකු මියගිය අතර ඊශ්‍රායල වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා දිවයින හරහා හමන සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් […]
කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්වයි. රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් ඇත. අදාල නිවේදනය පහතින් ,
දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද හුදකලා කර තිබෙනවා. තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කය පලාලි පොලිස් බලප්‍රදේශයේ,පලාලි උතුර මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා පොලිස් බලප්‍රදේශයේ,කල්මඩුකිරිවැවසෙවනගලබහිරාව මොනරාගල දිස්ත්‍රික්කය සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,හබරත්තවෙලහබරුගලමහගමඉදිකොළපැලැස්ස පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම […]
ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කර සිටිනවා. ජනතාව එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුධහමුදාපතිවරයා සදහන් කර සිටිනවා.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මේ වන විට පවතින තත්වය හමුවේ අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරී වසම් 42 ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එලෙස හුදකලාබව ඉවත් කළ ප්‍රදේශ පහතින්,
ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර […]
ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා විශේෂ කමිටුවක් පත් කරමින් ඊට අවශ්‍ය එන්නත ලබාදීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.