News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

ඊශ්‍රායල හමුදා විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කරයි

Generic placeholder image

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබෙනවා. ඒ විනාඩි 25 ක කාලයක් තුළයි. ඒ අනුව මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 කට ආසන්න වන බවයි පැවසෙන්නේ. හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් මෙලෙස ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.


May
19

අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක්

Generic placeholder image

අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3051ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
19

ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් වතුර නෑ

Generic placeholder image

අද ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා – ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ […]


May
19

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොටසහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]


May
19

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් – සමස්ත මරණ ගණන 1000 ඉක්මවයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 34ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.


May
18

ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශයට

Generic placeholder image

ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා. ඒ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් අත්හිටුවා තිබෙන අතර ඒ හේතුවෙන් කොරෝනා වසංගත තත්වය උග්‍ර විය හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ.


May
18

අද මේ දක්වා තවත් ආසාදිතයින් 1,734ක්

Generic placeholder image

අද දිනය තුල මේ දක්වා තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936ක්.


May
18

කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

Generic placeholder image

කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ මැදිහත්වීමෙන්. මෙහිදී ආරක්‍ෂිත ඇදුම් කට්ටල , මුහුණු ආවරණ ඇතුළු සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යග කර තිබෙනවා. මේ අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ , වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


May
18

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණයක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා.


May
18

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් වතුර නෑ

Generic placeholder image

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළා. ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


May
18

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ තිබෙනවා. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 677ක්.


May
18

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද තවත් ප්‍රදේශ කිහිපයක් දකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයන් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post