අද මේ දක්වා ආසාදිතයින් 1,579ක් අලුතින් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එමෙන්ම මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 […]
මහරගම අපේක්ෂා රෝහලෙහි ලේ බැංකුව වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් එම රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට පිළිකා රෝගීන් වෙනුවෙන් තිබෙන රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව රුධිර පරිත්‍යාගශීලින් http://nbts.heath වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන sms පණිවුඩය භාවිත කරමින් අදාල පරිශ්‍රය වෙත පැමිණීම සිදු කල […]
විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට දිනා ගැනීමට සමත් වුණා. ඒ රටවල් 73 ක් හා තරග වදිමින්. විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
ඊයේ දිනයේ කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.
ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 438ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය දැඩි සෞඛ්‍ය නීති වලට යටත්ව අද විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් සේවාවන් සිදු කර ගැනීමට , මීට පෙර 011-2 677 877 දුරකතන අංකයෙන් වේලාව වෙන් කරගත යුතු වනවා.
තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශයන් මෙන්න,
දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද අලුයම 4.00ට ඉවත් කෙරුණා. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත්ව හැඳුනුම්පතේ අංක අනුව පුද්ගලයින්ට ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අතවශ්‍ය නොවන කටයුත්තකදී නිවසින් පිටව යාමේදී හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියාව […]