News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බවයි. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා සහ නීතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන අනෙකුත් ආයතන ජාතික ආරක්ෂාව මනා ලෙස ස්ථාපිත කර ඇති බවත් ඒ නිසා ශ්‍රී ලාංකිකයින්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් […]


May
27

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ ආසාදිතයින් 2,377 දෙනෙකු වාර්තා වුණ අතර වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 573ක්.


May
27

අමෙරිකාවේ දුම්රිය අංගනයක සේවකයෙක් සිදු කල වෙඩි තැබීමකින් සේවකයින් 08 දෙනෙක් මරුට

Generic placeholder image

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මගී දුම්රිය අංගනයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඇමෙරිකාවේ සෑන්ජෝස්හි සැන්ටක්ලෙයාර්වැලි දුම්රිය අංගනයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර එහි සේවකයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර මිය ගොස් ඇත්තේ ද එම දුම්රිය අංගනයේ සේවකයින් පිරිසක්.


May
27

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

Generic placeholder image

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.


May
27

සයිනෝෆාම් එන්නත් මාත්‍රා 125,000ක් දිස්ත්‍රික්ක 03කට වෙන් කෙරේ

Generic placeholder image

චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05න්, මාත්‍රා 125,000 ක් කුරුණෑගල , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමටත් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.


May
27

එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදුබත් වීමේ අවදානමක්

Generic placeholder image

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වීමේ අවදානමක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරනවා. ඒඑම නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හේතුවෙන්.


May
27

තවත් කොරෝනා මරණ 29 ක්

Generic placeholder image

තවත් කොරෝනා මරණ 29 ක් ඊයේ මෙරටින් වාර්තා වි තිබෙනවා. ඒ ඉකුත් 20 වැනි දා සිට 26 වැනි දා දක්වා කාලය මිය ගිය කොරෝනා ආසාදිතයින් ඒ අතර වනවා. ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
27

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (30-40) දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ […]


May
26

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද දිස්වේ

Generic placeholder image

මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වෙනු ඇති බව සදහන් වෙනවා. ඒ පස්වරු 06.23 සිට පස්වරු 7.20 දක්වා වූ කාලය තුලයි.


May
26

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 මෙරටට

Generic placeholder image

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.. මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකෙරිණි.


May
26

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදයි

Generic placeholder image

උතුම් සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පොහො දිනය අදට යෙදී තිබෙනවා. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබනවා. මේ වන විට පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද බෞද්ධ ජනතාව නිවෙස් තුලට වී ලෝකවාසී ජනතාවට නිදුක් නීරෝගී සුවය පතා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් […]


May
25

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙනවා. මේ අනුව එම නගරයෙන් පමණක් කළු දිලීර රෝගය ආසාදිතයින් 574 දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post