දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබනවා. අදාල නිවේදනය පහතින් ,
මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්වයේ දැඩි අවදානම හේතුවෙන් සිව් වැනි අදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක්” නිකුත් කිරීමට අමෙරිකාව විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සිටින සියලුම ඇමෙරිකානුවන්ට වහාම ආරක්ෂිතව පිටවන්නැයි ඇමෙරිකානු රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. ඉන්දියාවෙන් පිටවීම සදහා මේ වනවිට ක්‍රියාත්මක ඉන්දීය – අමෙරිකා ඝෘජු ගුවන්ගමන් පහසුකම් යොදාගන්නා බවද […]
කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවය. තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0112 788 137 හෝ 0112 784 323 භාවිත කළ හැකිය. මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික […]
කොවිඩ් වෛරසය මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙන අතරතුර බටහිර බෙංගාල බලධාරීන් මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකර තිබෙනවා. එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසන අතර මේ හේතුව නිසා බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ අවදානමක සිටින බව වෛද්‍යවරු අනතුරු අඟවයි.
අද දිනයේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය හා සෞඛ්‍ය අංශ වලින් ලැබෙන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් පමණක් පස්වරුවේ තවත් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 15 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ප්‍රපාතයකට පෙරළි ඇති බවයි වැඩි දුරටත් වාර්තා […]
හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන්.
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියා. ඒ චීන ගුවන් හමුදාවට අයත් බී- 4026 දරන විශේෂ ගුවන් යානයෙන්.
සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කල අයෙක්පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවල දී එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් තරුණයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.
නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම පියවර ගනු ලබන බවයි වාර්තා වන්නේ.
ඊයේ මෙරටින් වූ නව ආසාදිතයින් ගණන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අඛණ්ඩව දෙවන දිනටත්. ඒ අනුව මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 06 වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න, විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ […]
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් පරීක්ෂාවන්ට ලක්කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එම පරීක්ෂාවන් සිදුකරන ස්ථානයන්, දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, කොච්චිකඩේ තෝප්පුව පාලම, […]