මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් දිවයිනට රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා සදහන් කරනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්
ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු වාර්තා වී වූණා, එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන ද වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 375 ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 158 ක් ද වාර්තා […]
කළුතර දිස්ත්‍රික්කයේ – වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය, පාලමුල්ල නැගෙනහිර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ – ඔර්ස් හිල්, අප්පුවාලිපුරම්, වලපනේ – නීල්දණ්ඩාහීන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු ඊයේ අලුතින් හදුනා ගැනුණා. එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනවන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා කොරෝනා ආසාදිතයින් ගණන 109,862ක් දක්වා ඉහළ ගියා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර . එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රභල අකුණු පිළිබඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් තිබෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා
තවත් ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශ මෙන්න, කළුතර දිස්ත්‍රික්කයේ – බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසමඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසමමිදලන ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය ග්‍රාම නිලධාරී වසමපැළෑද ග්‍රාම නිලධාරී වසමහැඩිගල්ල ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම තීනියාවල […]
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකක 03 ක් , ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කිරීමට ද Hi-flow ඔක්සිජන් සියලු සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරනවා. මේ […]
මෙරට තුළ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා. ඒ අනුව මේ වසරේ ගත වූ මාස දෙකේදී පමණක් නව ක්‍රෙඩිට් කාඩ් 20, 929 නිකුත් කර ඇති බව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.