News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

පවතින තත්වය හමුවේ ඉන්දීයාවේ ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් එරටින් පළායමින් සිටින බව වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවේ මේ වන විට පවතින කොරෝනා අවදානම හේතුවෙන් එරට සිටින ඇතැම් ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව වාර්තා වෙනවා. මේ අතර සිය ධනය මහජනයාගේ නිරෝගිභාවය රැකගැනීම උදෙසා වියදම් කරන මිනිසුන්ද ඒ අතර සිටිනවා. සිය පෞද්ගලික වාහනය විකුණා දමා එම මුදලින් ඔක්සිජන් ටැංකි මිලදීගෙන රෝගී සිටිනා ජනතාවට හුස්ම ගැනීම සදහා උපකාර කරන […]


Apr
27

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි

Generic placeholder image

සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට ඇතුලත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු අනෙකුත් සියලු මුහුණු ආවරණ තහනම් කිරීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂක පිළිබද රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සදහන් කරනවා.


Apr
27

දිවයින පුරා පෙරපාසල් ද තාවකාලිකව වැසෙයි

Generic placeholder image

දිවයින පුරා පෙර-පාසල් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. පිරිවෙන් ද එදින තෙක් වසා දමන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරන්නේ.


Apr
27

දිවයිනේ සියලු පාසල්, උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන තාවකාලිකව වැසෙයි

Generic placeholder image

සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.


Apr
27

තවත් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කරයි – එම පාසල් මෙන්න

Generic placeholder image

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක පාසල් (30) දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව වසාදමා ඇති පාසල් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්


Apr
27

කොරෝනා අවදානම හේතුවෙන් අනුරාධපුරයේ පාසල් 13ක් වැසෙයි

Generic placeholder image

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම හේතුවෙන්.


Apr
27

ඉන්දියාවේ මාරාන්තික නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන්

Generic placeholder image

ඉන්දීය නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන් හදුනාගෙන තිබෙනවා. ඉතාලියේ ජිවත් වන ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස නව වෛරසයේ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර මොවුන් දෙදෙනා ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව නැවත ඉතාලිය වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට ඉන්දීය සංචාරකයින් හට ඉතාලියට ඇතුළුවිමද තහනම් කර තිබෙනවා.


Apr
27

ඉන්දියාවේ පවතින තත්ත්වය ඉතා ශෝචනීයයි – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී කියයි

Generic placeholder image

මේ වන විට සමස්ත ඉන්දියාව ම කොරෝනා දෙවන රැල්ල හමුවේ අඩපණ වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩොනොම් සදහන් කරනවා. මේ පිළිබවද අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉන්දියාවේ පවතින තත්ත්වය ඉතා ශෝචනීය බවයි. ඉන්දියාවේ උග්‍ර ඔක්සිජන් හිඟයක් පවතින බවත් එරට සෞඛ්‍ය අංශ ඔවුන්ට පුළුවන් උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා කැපවන […]


Apr
27

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසා දැමීමට තීරණය කරයි

Generic placeholder image

සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.


Apr
27

මේ වන විට හුදකලාවේ පසුවන ග්‍රාම නිලධාරී වසම් 14 මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව අද උදෑසන දක්වා කාලය තුල මේ වන විට ග්‍රාම නිලධාරී වසම් 14 හුදකලා කර තිබෙන අතර ඒවා පහත පරිදි වේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ […]


Apr
27

කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් – යුධ හමුදාපති

Generic placeholder image

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටින්නේ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකිමක් බවත් ඒ අනුව කොරෝනා පාලනය ට ජනතාව සහය දැක්විය යුතු බවත් යුධ හමුදාපතිවරයා අවදාරණ ය කරනවා. එමෙන්ම දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ක්‍රියා කිරීම අතවශ්‍ය බවද වැඩි දුරටත් සදහන් කරනවා.


Apr
27

ඊයේ දිනය තුළ නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.


News Articles
Latest Videos
Most Popular Post