මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරනවා.
කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමිහමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ. මෙය “ගම සමග පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ […]
අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරිමකින් අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පුද්ගලයෙකු මිය ගොස් තිබේ. තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති […]
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ. එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු […]
පාස්කු ඉරිදාවට සමගාමීව ඉදිරි සතිය තුළ පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළට යුද හමුදාවේ පූර්ණ සහාය දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව සියලු ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට මේ සම්බන්ධව උපදෙස් දී ඇති බවත් තම ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනයක් කර පොලිසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙසත් තමන් දැනුම් දුන් බව […]
කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ. ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් මෙම දිනයේදි සිදු කරනු ලබනු ඇත. ඒ සඳහා සියලු කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කිතු දහමේ සම්ප්රදායයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු […]
බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. උතුරු සහඋතුරුමැද පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විටපැ.කි.මි. 40 පමණදක්වාවනතරමක්තදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත […]
අද දිනයේ තවත් 156 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,407කි. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 264ක් වාර්තා විය. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 706 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 19 […]
රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ට සහ විත්තිකරුවන් හත්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ […]
සතොස අලෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් අඩංගු “සතොස සහන මල්ල” රුපියල් 1000ක් වැනි මුදලකට අද (01) දින සිට සතොස වෙළෙඳසැල් වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යතුමා මේ බව පැවසූවේ ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම සහන මල්ල තුළ […]