විදේශගතව සිට පැමිණෙන පිරිස් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.මේ අනුව ලබන සතිය තුල එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ. එමෙන්ම කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දිවයිනට පැමිණෙන පිරිස නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමු කිරීම ප්‍රමානවත් බවට වැඩි අවදානයක් යොමුව තිබෙනවා.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මෙරට නීතිය පිලිබදව පසුගියදා සිදු කරනු ලැබූ මතභේදාත්මක ප්‍රකාශය පිලිබදව පාර්ශව කිහිපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය පිලිබදව ප්‍රකාශයක් ලබා දීම සදහා ඊයේ පස්වරුවේ අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 526 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.ඒමේ නිවේනදය පහතින්,
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී […]
මෙරට කොවිඩ් එන්නත් 760765ක් ලබා දී අවසන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදය වන B 1.351 පළමුවරට ශ්‍රී ලංකාවෙන්ද හමු වී ඇත. ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් පුද්ගලයකුගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ගෙන ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. මේ අතර කොරෝනා එන්නතේ […]
බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදි යක් ලොරි රථයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අදාල ලොරි රථයේ ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන් ගත් අවුරුදු 2ක් වයසැති දැරිය ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර […]
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන […]
කටුනායක – පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබෙනවා. මිට හේතු වී ඇත්තේ පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුත්තක් ඒ අනුව ඊයේ (11) පෙ.ව 8 සිට මාර්තු 14 වන දා ප.ව 8.30 දක්වා ඉහත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තිබෙන බවයි වාර්තා වන්නේ.
පකිස්ථානු අධිකරණය මගින් එරට TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.
ලෝකයේ කොතරම් අලුත් දේවල් සොයාගත්තද ඒ සියලු දේ කාලයත් සමග වෙනසකට නැතිනම් ඒ වෙනුවට වෙනත් අලුත් දෙයක් හමුවෙනවා. ඒ දේ ස්වභාවය වුවත් ඒ පිලිබදව ඇති සැටියෙන් දැකීමට බොහෝ දෙනා සිත යොමු කරන්නේ නෑ. ඒ අතර ලෝකයට නවමු සොයාගැනීමක් සිදු කල පුද්ගලයින් අතර ඒ ඇත්ත පිලිබදව වටහාගෙන සිටි පුද්ගලයින් ඇත්තේ අතලොස්සකි. අද කතාව එවැනි අයෙක් ගැනයි….
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම අතරතුර ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා. ඒ අනුව ජංගම දුරකථන 5ක්, සිම් කාඩ්පත් 10 ක්, ජංගම දුරකථන බැටරි 10ක් සහ ජංගම දුරකථන චාජරයක් ඇතුළුව කුඩු පැකට් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.