News Line| Off Air
Generic placeholder image

Mar
17

අසාද් සාලිගේ වාහනයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් හමුවෙයි

Generic placeholder image

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ කිහිපයක් අසාද් සාලි මහතා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇත. හිටපු ආණ්ඩුකාර […]


Mar
17

අද දවසේ ඔබගේ ලග්නයට අදාල ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2021 මාර්තු මස 17 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 12.19 සිට සවස 06.22 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.17 සිට අලුයම 01.48 දක්වා සුභ දිශාව – උතුරමරු සිටින දිශාව – නිරිත මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දිනය අදායම් මාර්ග වර්ධනය කරගත හැකි දිනයකි. පොදු කටයුතු සහ සමාජ සේවා […]


Mar
17

දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලට සවස් වරුවේ වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Mar
16

තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි

Generic placeholder image

මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවත් තුවාල කරුවන් මේ වන විට රෝහල් ගත කරමින් පසුවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Mar
16

මුහුදේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා බේරගන්න මුහුදට පැන්න තරුණයාට අත් වූ ඉරණම

Generic placeholder image

කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ දී මුහුදේ ගසාගෙන ගිය කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජිවිත බේරාගැනීමට සිය ජිවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක් පිලිබදව මීගහතැන්න – හොරවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල තරුණයා සහ තවත් පිරිසක් පානදුරේ ඔවුන්ගේ ඥාති ගෙදරක ගොස් නැවත පැමිණෙමින් සිටියදී කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට ද පැමිණ තිබෙන අවස්ථාවේ පැමිණි පිරිස සමග අදාල තරුණයා ජායා රූප […]


Mar
16

මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව පච්ච කොටා ගනියි

Generic placeholder image

මේ වන විට මියන්මාරය තුල ක්‍රියාත්මක වන හමුදා පාලනයට එරෙහිව ඊට විරෝධය පල කරමින් එරට ජනතාව සිය සිරුර මත පච්ච කොට ගැනීමේ සදහා යොමුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව බියෙන් නිදහස් වෙමු – වසන්තයේ විප්ලවය , එරට නායකා අවුන් සා සුකී ගේ ජායා රූප මෙලස පච්චා ලෙස සිය ශරීරය මත නිර්මාණය කර […]


Mar
16

තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් භාවිතය තාවකාලිකව නවතා දමයි

Generic placeholder image

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල රටවල් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් එක් වී තිබෙනවා. එම එන්නත භාවිතයෙන් පසුව රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග මෙලෙස මෙම තීරණයට පැමිණි බව ජර්මනිය සදහන් කරන අතර ප්‍රංශය ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අත්හිටුවන ලද […]


Mar
16

ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වටලයි

Generic placeholder image

සුරාබදු නීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා සමාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සමත්ව තිබෙනවා. මාතර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම සමාජ ශාලාව තුල තිබී විදෙස් මත්පැන් මිලිලීටර එක් ලක්ෂ පනස්දහසක් හමුව තිබෙන අතර සමාජ ශාලා හිමි කරු අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබෙනවා.


Mar
16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවයි

Generic placeholder image

ඉකුත් දා පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් නොකිරීම පිලිබදව දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයට ලැබෙන මුදලින් 40% ක් දඩ මුදල් ලෙස ගෙවීමට නියමව තිබෙනවා.


Mar
16

ජපානයේ කදවුරක සිර වී සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මරුට

Generic placeholder image

ජපානයේ සංක්‍රමිකයින් සිටින කදවුරක සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මිය ගිය පුවතක් වාර්තා වෙනවා. 2017 වසරේ ශිෂ්‍ය විසා මත ජපානයට ගොස් තිබෙන එම කාන්තාව ඉකුත් වසරේ අත් අඩංගුවට පත් වන්නේ විසා ඉකුත් වී එරට තව දුරටත් රැදී සිටීම හේතුවෙන්. මේ හේතුවෙන් එරට කදවුරක රැදී සිටි ඇයගේ මානසික තත්වය දුර්වල වීම නිසා ආහාර ගැනීමට පවා […]


Mar
16

චීනයේ බීජිං නගරය වැලි කුණාටුවකින් වැසී යයි ( PHOTO )

Generic placeholder image

චීන අගනගරය වන බීජිං නගරය දරුණුතම වැලි කුණාටුවකින් වැසීගොස් තිබෙනවා. මේ හේතුවෙන් චීනයේ බීජිං නගරයේ අහස තැඹිලි පැහැ ගැන වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම හේතුවෙන් ගුවන්ගමන් සිය ගණනක් අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.


Mar
16

පොලිස් SI නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිත කල අයෙක් අල්ලයි

Generic placeholder image

පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇදුම ව්‍යාජ ලෙස භාවිතා කල අයෙක් පන්නිපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු එම නිල ඇදුම භාවිතා කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සිදු කර ඇති බවයි පැවසෙන්නේ. අදාල සැකකරු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ. ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් ද හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post