News Line| Off Air
Generic placeholder image

Mar
3

කොවිඩ් සිරුරූ භුමිදානයට රජය ගත් එරෙහිව ඉරණතිව් දුපත් වැසියන් විරෝධතාවයක් අරඹයි

Generic placeholder image

කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඉරණතිව් දුපත් වැසියන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව ද පැවසෙනවා.


Mar
3

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ සහෝදරයා එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

Generic placeholder image

පසුගියදා වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු හෙලි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක්වී හිස නොමැති සිරුර ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම […]


Mar
3

කුරුවිට තරුණිය ඝාතනය කළ SI එල්ලී මැරුණ තැන

Generic placeholder image

වේල්ල වීදිය ප්‍රදේශයේ දී හමුව වූ ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර රැගෙන ආ බව පැවසෙන සැකකරු වන 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සිය දිවි හානි කරගෙන තිබුණ අතර ඔහුගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ රබර් වත්තක තිබී හමුව තිබෙනවා.


Mar
3

අනියම් සම්බන්ධය නිසා කුරුවිට තරුණිය ඝාතනය කළ බුත්තල එස් අයි සියදිවි නසා ගැනීමට පෙර බිරිදට ලියූ ලිපිය

Generic placeholder image

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හදුනාගත් අතර එම ඝාතනයේ සැකකරු 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කල අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි. අදාල ඝාතනය සිදු කල බව පැවසෙන මෙම […]


Mar
3

විභාග මධ්‍යස්ථානයකදී සිසුන් පිරිසක් අතර ගැටුමක් – එක් අයෙක් රෝහලේ

Generic placeholder image

අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසක් ඇති වූ ගැටුමකින් එක් සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ සිද්ධිය පිලිබදව සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.


Mar
3

ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 7ක්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල හඳුනාගත් නව ආසාදිතයින් ගණන 317ක් වෙනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 83,869ක් දක්වා […]


Mar
3

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Mar
3

වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය එළියට – සැකකරුත් සිය දිවි නසා ගනී

Generic placeholder image

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව තිබෙනවා. ලබා ගත් සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය දැක්වෙන අතර […]


Mar
2

නයිජීරියාවේ දී පැහැරගත් සිසුන් පිරිසට නිදහස

Generic placeholder image

නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 17 වනදා ඔවුන් පැහැර ගනු ලැබු අතර නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත. පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු […]


Mar
2

මෙරට ප්‍රදර්ශනාගාර බොහෝමයක වාහන හිගයක්

Generic placeholder image

රට තුළ වාහන ආනයනකරුවන් රැසකගේ ප්‍රදර්ශනාගාරවල කිසිදු වාහනයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා. වාහන ආනයනට පැනවූ සීමාවන් හේතුවෙන් ඉදිරියේ දී ,වාහන ව්‍යාපාරයේ නිරත පිරිසට සියලුම සේවකයින් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා


Mar
2

අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන් – ඔවුන් සොයා මෙහෙයුම්

Generic placeholder image

ඊයේ රාත්‍රියේ සිට අම්බලන්ගොඩ කහව වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සදහන් කරනවා. මෙසේ අතුරුදහන්වී ඇත්තේ ඇල්ල උදාර ඇල්ල, හෙට්ටිපොළවත්ත එකම ලිපිනයේ පදිංචි පෙරෙකුම් නිලාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකු හා විසි හැවිරිදි චින්තක ජූඩ් නිලාන් පියරත්න නමැති තරුණයෙක් බවද පොලීසිය සදහන් කරනවා.


Mar
2

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

Generic placeholder image

මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා. මෙලෙස හුදකලා බවින් ඉවත් කරන ලද ප්‍රදේශ වන්නේ ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකය.


News Articles
Latest Videos
Most Popular Post