News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

අධි අවදානම් ප්‍රදේශ වල සිටින ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට පියවර

Generic placeholder image

බස්නාහිර පළාතේ ජිවත් වන ජනතාවට අද සිට කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගන්නා බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Feb
15

ගෙලිඔය ප්‍රදේශයේදී සිදු වූ පහර දීමකින් ත්‍රීරෝද රථ රියදුරෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

ගෙලිඔය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ ගාලකදී ත්‍රීරෝද රථ රියදුරෙකුට සිදු කල පහර දිමක දී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඉකුත් 12 වෙනිදා මෙම පහර දීම සිදු වී ඇති අතර අදාල පහර කෑමට ලක් වූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී ජිවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා මේ […]


Feb
15

මරදාන ප්‍රදේශයේ නවතා තිබු මෝටර් රථයක් ගිනි ගනී

Generic placeholder image

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී නවතා තිබු මෝටර් රථයක් අද උදෑසන හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථයක් ද යොදා ඇති බවයි වාර්තා වන්නේ.


Feb
15

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා කන්ටේනරයකට බිලි

Generic placeholder image

පළමු දිනයේදී පළමු වසරට පාසලට යමින් සිටි 06 හැවිරිදි දරුවා අද උදෑසන කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා. පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු අද දිනයේ සිය නිවුන් සහෝදරයා හා මිත්තනිය සමග පාසල් යන අතරතුර බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙහිදී අනෙක් නිවුන් සහෝදරයා මෙම අනතුරෙන් බේරි තිබෙන අතර මිත්තනියද බරපතල තුවාල ලබා රෝහල් […]


Feb
15

ලංකාව තුලත් භාරතීය ජනතා පක්ෂයක් ස්ථාපනය කිරීමට සැලසුමක්

Generic placeholder image

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා සදහන් කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බවයි වාර්තා වන්නේ. භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ වන බවයි වැඩි දුරටත් ඔවුන් […]


Feb
15

මෙරට පුද්ගලයින් 189,349 කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

Generic placeholder image

මෙරට කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට මෙරට පුද්ගලයින් 189,349 කට කොවිඩ් එන්නත ලබා දී අවසන් බව වාර්තා වෙනවා.


Feb
15

රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති කියයි

Generic placeholder image

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. රට වසා දැමීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,


Feb
15

මෙරට කොරෝනා මරණ ගණන 397ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා මරණ 7ක් වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Feb
15

නව කොවිඩ් ප්‍රභේදය භයානක බව විශේෂඥයින් පහදයි

Generic placeholder image

එංගලන්තයේ හමු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින වෛරසයට වඩා වැඩි අවදානම් පවතින බව ඒ පිලිබදව විශ්ලේෂණය කල විද්‍යාඥයින් සදහන් කරනවා. B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 ක පමණ ව්‍යාප්ත වී ඇති අතර සීයයට 79 වැඩි ප්‍රතිශතයකින් මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වන […]


Feb
15

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවියහැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් […]


Feb
12

තිසර පෙරේරාගෙන් තවත් Face book සටහනක්

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන අදට වසර 05 ක් ගතව ඇති බව ඔහු සිය Face book ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා. ඔහු මේ කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ 2016 වසරේදී ඉන්දියාව සමග පැවැති තරගයකදී.


Feb
12

IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරාගැනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනා මෙන්න

Generic placeholder image

IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 09 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. එම ක්‍රිකට් වෙන්දේසිය සදහා තෝරාගත් ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුලත්. IPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ මෙරට ක්‍රීඩකයින් 09 දෙනා නම්, කුසල් ජනිත් පෙරේරාතිසර පෙරේරාකෙවින් කොත්තිගොඩමහේෂ් තීක්ෂණවිජයකාන්ත් වියස්කාන්ත්දුෂ්මන්ත චමීරවනිඳු හසරංගදසුන් ශානකඉසුරු උදාන


News Articles
Latest Videos
Most Popular Post