News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක. ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]


Jan
19

බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දින කිහිපය තුල

Generic placeholder image

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පසුගිය දා බස්නාහිර පාසල් වසා දමනු ලැබුවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ පිළිබඳව ඊයේ ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධන කාර්ය සාධක බළකා රැස්වීමේදී සාකච්ඡා කළ බව යුද හමුදාපතිවරයා […]


Jan
19

තවත් ආසාදිතයින් 774ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනයේ ආසාදිතයින් 774ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
19

රන්ජන්ට පාර්ලිමේන්තු තහනම් – නීතිපති පාර්ලිමේන්තු ලේකම්ට දැනුම් දෙයි

Generic placeholder image

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය දැරීමට ඔහුට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනවා.


Jan
19

MCC ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Generic placeholder image

MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා තිබෙනවා.


Jan
19

සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කරන ලෙස මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට බලපෑම්

Generic placeholder image

අසල්වැසි ගෝතමාලාවේ සිට පැමිණෙන සංක්‍රමණිකයන් දහස් ගණනක් පොලීසිය විසින් අවහිර කර ඇති බැවින් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් සිය සංක්‍රමණ ප්‍රතිපත්තියේ විශාල ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපති තේරී පත් වූ ජෝ බිඩෙන් මෙක්සිකෝව සහ අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමට එකඟ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ලෝපෙස් ඔබ්‍රඩෝර් මහතා එහි […]


Jan
19

සේවකයින්ගේ අවම වේතනය ඉහල දැමීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පවසා තිබෙනවා. ඒ අනුව අවම වැටුප 25% කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


Jan
18

කොළඹ කොටස් වෙළඳපොළ වැඩිම අගයක් අද වාර්තා කරයි

Generic placeholder image

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා කළා. මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළ යාමක්. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි 14 වැනිදා වාර්තා වුණා. එම අගය ඒකක 7,811.80ක්. අද […]


Jan
18

පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුට ද වෙෙරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් බවට හදුනා ගැනුණා. ඒ අනුව මේ වනවිට කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී සිටින මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්.


Jan
18

කොරෝනා බියෙන් වව්නියාවේ වැසුණු පාසල් 07ක් යළි ඇරෙයි

Generic placeholder image

වව්නියාවේ කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා වසා දැමුණු වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් 7 ක් යළි ආරම්භ කර තිබෙනවා. වව්නියාව නගරයේ මාර්ග කිහිපයක් හැර සෙසු මාර්ග සියල්ල ද විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. තොග හා සිල්ලර වෙළෙදාම සඳහා ද වෙළෙදුන්ට අවසර ලබා දීමට කටයුතු කර තිබෙනවා.


Jan
18

PCR ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහලේ රඳවා සිටියදී පළා ගිය කාන්තාව අල්ලයි (ඡායාරුප)

Generic placeholder image

වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා වෙෙරසය බවට සැක සහිත රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවේ සිටි 31 හැවිරිදි කාන්තාවක් අද එම වාට්ටුවෙන් පළා ගොස් තිබෙනවා. අදාළ කාන්තාව පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති අතර ප්‍රතිඵල ලැබෙන තෙක් එහි රඳවා තබා තිබුණා. එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබුණ ද ප්‍රතිඵල ලැබීමට පෙර කාන්තාව පළා ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග […]


Jan
18

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

Generic placeholder image

සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකකිකයින් 75 දෙනෙකු සහ කටාර් සිටි පුද්ගලයින් 29 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 83 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 7173කි. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,218ක් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post