මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. අදාළ ලැගුම්හලේ නාන කාමරයක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබෙන බවට එහි කළමනාකාරවරයා පොලිසිය දැනුවත්කර තිබුණා. පසුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවත් නාන කාමරයේ ජනේලයක රෙදි පටියක් ගැට ගසා තිබූ […]
පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනකු ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා. මෙම අමානුෂිය ඝාතනය එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
මීගමුව මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හමු වී තිබෙනවා. අදාළ මෙහෙයුම සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. එහිදී බහුදින ධීවර යාත්‍රාවක් එම නිලධාරීන් භාරයට ගැනුණු අතර පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් […]
වාද්දුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ දී 38 හැවිරිදි එක් දරු මවක් ඝාතනය කර තිබෙනවා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකපිට ඇයගේ ස්වාමි පුරුෂයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද සහ හෙට පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරක ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින් සදහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනය කළා. ඒ, දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතිකයින් එම ස්ථානවල සංචාරය කිරීමට නියමිතව තිබීම හේතුවෙන්. එහෙත් ඔවුන්ගේ එම සංචාර අවලංගු කිරීම හේතුවෙන් අදාළ ස්ථාන දේශීය සංචාරකයින් සදහා විවෘතව පවතින බව අද නිවේදනය කෙරුණා. පොළොන්නරුවේ […]
බස්නාහිර පළාතේ හුදකලා කර නොමැති ප්‍රදේශයේ පාසල් වල 11 ශ්‍රේණිය ලබන 25 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි. එල් පීරිස් මහතා සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ NHS මාලිගාවත්ත, නිවාස යෝජනා ක්‍රමය ඉන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ඒ අනුව අදාළ නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් වන බවයි.
සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩයම සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 157ක් පමණයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩයම වසර 117ක් පැරණි වාර්තාවක් බිද බිද හෙලුවා. ඒ පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී […]
අරණායක, රහල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයින් පහර දීම සදහා පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද සිය භාරයට ගත් බවයි. ඉකුත් පළමුවැනිදා රාත්‍රියේ ත්‍රිරාේද රථයකින් නිවස බලා යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අරණායක සපත්තු පාලම ආසන්නයේදී පහර දීමට පැමිණි පිරිස තර්ජනයකර ඇති […]
ගජමුතු අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සතුව තිබී ගජමුතු 6ක් සොයා ගැනුණු බවයි. එම පුද්ගලයා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රුපියල් මිලියන 15ක මුදලකට ගජමුතු අලෙවි කිරීමට සැළසුම්කර […]
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙරටට පැමිණි පිරිස් අතර කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු අයත් වන අතර ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කොට නිරෝධායනය යොමු කිරීම […]
විදෙස් රටක නිෂ්පාදනය කළ පිස්තෝලයක් සහ හිස් පතොරම් ගැබක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, මාතලේ – ඉහළගම ප්‍රදේශයේදීයි. 31 හැවිරිදි හා 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය […]