News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

පැන ගිය කොරෝනා රැඳවියන්ගේ විස්තර මාධ්‍යයට – තොරතුරක් වේ නම් දැනුම් දෙන්නැයි පොලිසිය කියයි

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය රැඳවියන් සෙවීම සඳහා මේ වනවිට පොලිසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා. පොලිසිය පවසන්නේ, ඒලෙස පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වේ නම් පොළොන්නරුව, මුලස්ථාන පොලිස් පරීක්ෂණ සදහා වන 071 8 591 233 අංකය වෙත හෝ 119 වෙත දැනුම් දෙන ලෙසයි. පළාගිය රැඳවියන්ගේ […]


Dec
31

මහර බන්ධනාගාර ගැටුමේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අදාළ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍යාවරයා වෙත භාර දීම සිදු කෙරුණා. ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය සමග රැදවියන් 11 දෙනෙකු මියගොස් […]


Dec
31

සමාජ මාධ්‍ය පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

අද දිනයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේසම් වන්නැයි සමාජ මාධ්‍ය පරිශීලකයින්ට පොලිසිය දැනුම් දෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, මෙරට රැදී සිටින නයිජීරියානු ජාතිකයින් විසින් සිදු කරන බවට සැක කෙරෙන වංචාකාරී ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිව ඇති බවයි. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සහ දුරකතනවලට ලැබෙන ව්‍යාජ පණිවිඩ පිළිබද අවධානයෙන් මෙන්ම […]


Dec
31

පිහි ඇණුමකට ලක් වූ පොලිස් නිලධාරියෙක් රෝහලේ

Generic placeholder image

මහව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට ඊයේ රාත්‍රී පුද්ගලයෙකු පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා. පොලිසිය පැවසුවේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි අදාළ පොලිස් සැරයන්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී පිරිස අතර සිටි අයෙක් සැරයන්වරයාට පිහියෙන් ඇණ ඇති බවයි. බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මහව රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරුව වැඩිදුර […]


Dec
31

උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්නැයි උපදෙස්

Generic placeholder image

රට තුළ පැතිර යන කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. මේ අතර කොළඹින් පිටව යන පොදු ප්‍රවාහන සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. පවතින තත්ත්වය හේතුවෙන් […]


Dec
31

නව මැතිවරණ කොමිසම අද දෙවැනි දිනට රැස් වෙයි

Generic placeholder image

නව මැතිවරණ කොමිස අද දෙවැනිවරට රැස්වීමට නියමිතයි. මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර මේ වසරේ ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.


Dec
31

යේමනයේ පිපිරීමක් – 22ක් මරුට (ඡායාරූප)

Generic placeholder image

යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 50ක් පමණ තුවාල ලබා තිබෙනවා. යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුවඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. අදාළ ගුවන් යානයේ නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් සිට ඇති අතර ප්‍රහාරයෙන් […]


Dec
31

බස්නාහිරින් ගිය තවත් 16ක් ආසාදිතයින් වෙයි – යුක්‍රේනයෙන් ආ තවත් තුනකටත් කොරෝනා

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ කළ තවත් 16 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව ඉකුත් 18 වැනිදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයින්ට කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 90ක්. මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස […]


Dec
31

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 5 දෙනෙකු පැන යයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියන් පස් දෙනෙකු පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැදවියන් පස් දෙනෙකු එලෙස පැන ගොස් ඇති බවයි. ඔවුන් අවුරුදු 22,23,26,32,52 යන වයස් සීමාවන්වල පසු වූවන් බවයි අජිත් රෝහණ මහතා කියා […]


Dec
31

කොරෝනා ආසාදනය වී සිටි තවත් සිව් දෙනෙකු මියයයි – මරණ ගණන 200 සීමාව අභියස

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ 4ක් පිළිබද තොරතුරු වාර්තා වුණා. මඩකලපුව, කොළඹ 10, කොළොන්නාව සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වූ අතර අවුරුදු 50ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 200 සීමාව ආසන්නයට පැමිණියා. එම ගණන දැක්වෙන්නේ 199ක් ලෙසයි. […]


Dec
31

ඇතැම් ප්‍රදේශවලට අදත් තද වැසි

Generic placeholder image

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි […]


Dec
30

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත

Generic placeholder image

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව නිර්දේශ 13ක් සහිතව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා. ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා. මිය ගිය […]


News Articles
Latest Videos
Most Popular Post