කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 698 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 34,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 34,623ක් ලෙසයි. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 42,063ක්.
චීන ජාතික කොඩියට අපහාස කිරීමේ චෝදනාවකට හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරියෙක් වන ටෝනි චංග් ව මාස 4ක් දක්වා සිර දඬුවමක් එරට අධිකරණයෙන් ලබා දී තිබෙනවා. ඒ පසුගිය දා පැවැති විරෝධතාවයක් අතරතුර අදාල තරුණයා චීන ජාතික කොඩිය ඇදීමෙන්, කොඩි කණුව කඩා දැමීමෙන් සහ කොඩිය විසිකිරීමෙන් ජාතික කොඩියේ අභිමානයට පළිදු වන ලෙස හැසිරී ඇති බව තහවුරු වීම […]
වහාම ක්‍රියාත්මක වන පරිදි කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් ඉවත් කල බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.
කොරෝනා මැඩලීම සදහා ලොව පුරා රටවල් කොවිඩ් එන්නත් නිපදවීමට ක්‍රියා කල අතර ඒ අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපද වූ ඔක්ස්ෆර්ඩ් කොරෝනා වෛරස් එන්නතට බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට ගෙන්වා තිබු කහ කිලෝ 21,000 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රාත්‍රියේ අදාල කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී ගිනි තබා විනාශ කළ බව පොලීසිය සදහන් කරනවා.
මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව ඔවුන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කෙරෙනු ඇති. එම රැදවියන් සිව් දෙනා ද කොරෝනා ආසාදතයින් ලෙස හදුනාගත් රැදවියන් වනවා. ඉකුත් නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් […]
ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා.
මේ වසරේ අවසන් දිනය වන හෙට දිනයේ විනෝද වීම සදහා අනෙක් දිනවල මෙන් පිරිස පිරිවරා කල්ලි නොගැසෙන්නැයි පොලිසිය අවධාරණය කරනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි. මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 9ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. […]
1985 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ මෙරට 18 වන ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ 55 වන ඡන්ම දිනය අදට යෙදි තිබෙනවා. ඒ මහතා 1965 වසරේ දෙසැම්බර් මස 30 වනදා මහනුවර ප‍්‍රදේශයේදී උපත ලබා තිබෙන අතර ක‍්‍රියාන්විත රාජකාරීයේ සිදුකළ දක්ෂතා වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ හා රණ වික‍්‍රම පදක්කම් වලින් දෙවරක් […]
යුක්‍රේනයේ සිට ඊයේ දිවයිනට පැමිණි සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. යුක්‍රේනයේ සිට ඊයේ මෙරටට පැමිණි පිරිසක් මත්තල ගුවන් තොටුපොලේදී පී.සී.ආර් පරීක්ෂාණවලට ලක්කිරීමට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපල නිලධාරීන් පියවර ගත්තා. ඒ අනුවයි ඔවුන්ගෙන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනුණේ. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා […]
පොලිස් විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක ගසක් යට වළ දමා තිබු T-81 වර්ගයේ ගිනි අවිය සමග මැගසින් 2ක් සහ උණ්ඩ 49ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
2021 වසරේ ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සවිමත් කිරීම මෙහි අරමුණයි. ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙඳසැල් 25,000ක් අරැඹීමට නියමිතව ඇති අතර සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත […]