News Line| Off Air
Generic placeholder image

Dec
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවත් සිව්දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි නියෝග

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව ඔවුන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කෙරෙනු ඇති. එම රැදවියන් සිව් දෙනා ද කොරෝනා ආසාදතයින් ලෙස හදුනාගත් රැදවියන් වනවා. ඉකුත් නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් […]


Dec
30

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනපති ප්‍රධානත්වයෙන් අද කැබිතිගොල්ලෑවේ

Generic placeholder image

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා.


Dec
30

දෙසැම්බර් 31 සමරන්න කල්ලි ගැහෙන්න එපා – පොලිසිය අවධාරණය කරයි

Generic placeholder image

මේ වසරේ අවසන් දිනය වන හෙට දිනයේ විනෝද වීම සදහා අනෙක් දිනවල මෙන් පිරිස පිරිවරා කල්ලි නොගැසෙන්නැයි පොලිසිය අවධාරණය කරනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි. මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 9ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. […]


Dec
30

ගුවනේ විකුම් පෑ වත්මන් ගුවන් හමුදාපතිගේ 55 වන ජන්ම දිනය අදයි

Generic placeholder image

1985 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ මෙරට 18 වන ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ 55 වන ඡන්ම දිනය අදට යෙදි තිබෙනවා. ඒ මහතා 1965 වසරේ දෙසැම්බර් මස 30 වනදා මහනුවර ප‍්‍රදේශයේදී උපත ලබා තිබෙන අතර ක‍්‍රියාන්විත රාජකාරීයේ සිදුකළ දක්ෂතා වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ හා රණ වික‍්‍රම පදක්කම් වලින් දෙවරක් […]


Dec
30

යුක්‍රේනයෙන් ආ තුන් දෙනෙක්ටත් කොරෝනා

Generic placeholder image

යුක්‍රේනයේ සිට ඊයේ දිවයිනට පැමිණි සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. යුක්‍රේනයේ සිට ඊයේ මෙරටට පැමිණි පිරිසක් මත්තල ගුවන් තොටුපොලේදී පී.සී.ආර් පරීක්ෂාණවලට ලක්කිරීමට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපල නිලධාරීන් පියවර ගත්තා. ඒ අනුවයි ඔවුන්ගෙන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනුණේ. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා […]


Dec
30

ගසක් යට වළ දමා තිබූ ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් මඩකලපුවෙන් හමු වෙයි

Generic placeholder image

පොලිස් විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක ගසක් යට වළ දමා තිබු T-81 වර්ගයේ ගිනි අවිය සමග මැගසින් 2ක් සහ උණ්ඩ 49ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.


Dec
30

2021 වසරේ ස්වයං රැකියා ලක්ෂ 2ක්

Generic placeholder image

2021 වසරේ ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව ඇති ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සවිමත් කිරීම මෙහි අරමුණයි. ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙඳසැල් 25,000ක් අරැඹීමට නියමිතව ඇති අතර සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත […]


Dec
30

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් රිමාන්ඩ්

Generic placeholder image

අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ වැඩබලන ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, රුපියල් 29,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදීයි. අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යනු ලබන ගිනි නිවීමේ උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ ප්‍රදේශයේ හෝටලයක වෙළද බලපත්‍රය ලබා ගැනීම ඇතුළු කටයුතු කිහිපයක් සදහා අදාළ […]


Dec
30

යාපනයට නව නගරාධිපතිවරයෙක් පත් වෙයි

Generic placeholder image

යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතා පත්කර තිබෙනවා. ඒ හිටපු නරාධිපති ඊ. ආනල්ඩ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සදහායි.


Dec
30

දකුණු අප්‍රිකාවටත් ඇඳිරි නීතිය

Generic placeholder image

දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා නව සිමා පැනවීමට එරට ජනපති රමපෝසා පියවර ගෙන තිබෙනවා. මේ අනුව එරට රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය තුල රටපුරා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන අතර අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇති. මත්පැන් අලෙවිය ද තහනම් […]


Dec
30

ඩෙංගු පරීක්ෂා කිරීමට ගිය 5 හැවිරිදි දැරියකට දුන් වෙනත් එන්නතක් නිසා ඇය අධි නින්දේ – සිද්ධිය ගැන පරීක්ෂණ

Generic placeholder image

ඩෙංගු පරීක්ෂාව සදහා පානදුර මූලික රෝහලට පැමිණි පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියකට සුනඛයින් සහ බළලුන් සපා කෑ විට ලබා දෙන ඖෂධයක් එන්නත් කිරීම නිසා ඇය අධි නිද්‍රාවට පත්ව ඇති බව වාර්තා වනවා. ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අදාළ දැරිය රැගෙන ඇයගේ මව පානදුර රෝහල වෙත පැමිණ තිබුණේ ඊයේ පෙරවරුවේයි. එම අවස්ථාවේ රෝහල් […]


Dec
30

අත්භූත ජායා රූපයක් පළ කර අතුරුදහන් වූ 19 හැවිරිදි තරුණිය

Generic placeholder image

එංගලන්තයේ හම්බර්සයිඩ් ප්‍රදේශයෙන් අත්භූත පුවතක් වාර්තා වෙනවා. 19 හැවිරිදි තරුණියක් විසින් නත්තල් දිනයේ දී අත්භූත ජායා රූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර අතුරුදහන් වී ඇති බව ඇයගේ සමීපතමයින් සදහන් කරනවා. ඒ ජායා රූපයේ ඇය සමග තවත් ගුප්ත පුද්ගලයෙක් සිටින අතර මේ පිලිබදව ඇයගේ දෙමව්පියන් සදහන් කරන්නේ මෙම ජායා රූපය ඇය විසින් පළ කල එකක් […]


News Articles
Latest Videos
Most Popular Post