අද උදෑසන පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ 37 හැවිරිදි නිශාන්ත කුමාරසිරි නැමැත්තා ඉකුත් 19 වැනිදා පුද්ගලයෙකුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබුණා. පොලිසිය පැවසුවේ නිශාන්ත කුමාරසිරි නැමැත්තා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත්කර තිබූ බවයි. සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට මේ වනවිටත් තොරතුරු අනාවරණ වී අැති […]
වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න්පමණපසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටමි.මී. 50 ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]
ලොව පුරා කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන මිලියන 1.8 සිමාව අභියසට පැමිණ තිබෙනවා. එම ගණන 1,763,714 ක්. ලොව පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,724,170 ක් වන ආතර මේ වන විට ගෝලීය ආසාදිතයින්ගෙන් 45,639,602 ක් සුවය ලබා තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස තත්ත්වය පවත්නා පසුබිමක මෙරටට කොරෝනා එන්නත් ලබා දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නීති රාමුවකට යටත්ව බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ එලෙස ලබාදෙන එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති බවත් ශ්‍රී ලංකාවට ලබාදෙන අදාළ එන්නත් තොගයේ වියදම එක්සත් ජාතීන් විසින් […]
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අදාළ රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වත්මන් දේශපාලන තත්ත්වය සහ නව වසරේ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.
ඊයේ දිනය තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූ පුද්ගලයින් දිස්ත්‍රික්ක 18කින් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. දෙෙනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් ඊයේත් වැඩිම පිරිස හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 174ක් ලෙසයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]
දකුණු අප්‍රිකාව කොරෝනා වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට පත් වුණා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ගොස් තිබෙනවා. එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ද වාර්තා වුණා.
හෙටින් ඇරඹෙන සිරි පා වන්දනා සමය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සළසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. පවතින වාතාවරණය යටතේ අදින් ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතු ද සීමිත පිරිසකට පමණක් සීමාකර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකාගමනයේදී සමනොළ ගිරි මුදුනෙහි තම […]
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ වෙනවා. ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපළ පලාන අධිකාරිය සදහන් කරන්නේ.
අද දින වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ සහ ආසාදිතයින් ලෙස සැක සහිත පිරිස 3,909ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 121ක්, පිරිමි රැදවියන් 416ක්, කාන්තා රැදවියන් 9ක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. එමෙන්ම වෙෙරසය ආසාදනය බවට සැක, පිරිමි රැදවියන් 3,172ක් සහ කාන්තා රැදවියන් 191 දෙනෙකු සිටින බවයි නවතම දත්ත […]
මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පමණ පුද්ගලයෙක් හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර එම මළගමට අදාල මිය ගිය පුද්ගලයාගේ පුතා සහ ලේලිය ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණ තිබෙන අතර ලේලිය ද හදිසියේ අසනීප වී නිවසේ ඇද වැටී ඇති මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම මිය ගිය කාන්තාව […]
කිළිනොච්චිය, මුලංගාවිල් ප්‍රදේශයෙදී පුද්ගලයෙකු කඩුවකින් කපා කොටා ඝාතනයකර තිබෙනවා. මුලංගාවිල්, පල්වරායන්, කට්ටචෝලේ ආදර්ශ ගම්මානයේදී අදාළ ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අදාළ සැකකරුගේ ඥාතියෙකු සමග ඇතිකර ගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාම ඝාතනයට මුල් වී ඇති බවට අනාවරණ වූ බවයි. ඒ සම්බන්ධයෙන් […]