News Line| Off Air
Generic placeholder image

Dec
28

ඊයේ දිනයේ ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ

Generic placeholder image

ඊයේ දිනය තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූ පුද්ගලයින් දිස්ත්‍රික්ක 18කින් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. දෙෙනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් ඊයේත් වැඩිම පිරිස හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 174ක් ලෙසයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]


Dec
28

දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය පනියි

Generic placeholder image

දකුණු අප්‍රිකාව කොරෝනා වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට පත් වුණා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ගොස් තිබෙනවා. එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ද වාර්තා වුණා.


Dec
28

සිරි පා වන්දනාකරුවන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුව, සීමිත පහසුකම් යටතේ ඉඩ

Generic placeholder image

හෙටින් ඇරඹෙන සිරි පා වන්දනා සමය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සළසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. පවතින වාතාවරණය යටතේ අදින් ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතු ද සීමිත පිරිසකට පමණක් සීමාකර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකාගමනයේදී සමනොළ ගිරි මුදුනෙහි තම […]


Dec
28

සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ඇරඹේ

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ වෙනවා. ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපළ පලාන අධිකාරිය සදහන් කරන්නේ.


Dec
28

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වන කොරෝනා තොරතුරු

Generic placeholder image

අද දින වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ සහ ආසාදිතයින් ලෙස සැක සහිත පිරිස 3,909ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 121ක්, පිරිමි රැදවියන් 416ක්, කාන්තා රැදවියන් 9ක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. එමෙන්ම වෙෙරසය ආසාදනය බවට සැක, පිරිමි රැදවියන් 3,172ක් සහ කාන්තා රැදවියන් 191 දෙනෙකු සිටින බවයි නවතම දත්ත […]


Dec
28

මාමාගේ මළගමට ආ ලේලිය නිවසේ දී ‌ ‌ඇද‌ ‌වැටී මිය යයි

Generic placeholder image

මහරගම‌ ‌පමුණුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පමණ පුද්ගලයෙක් හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර එම මළගමට අදාල මිය ගිය පුද්ගලයාගේ පුතා සහ ලේලිය ගාල්ල‌ ‌ප්‍රදේශයේ සිට පැමිණ තිබෙන අතර ‌ලේලිය ද හදිසියේ‌ ‌අසනීප‌ ‌වී‌ ‌නිවසේ‌ ‌ඇද‌ ‌වැටී‌ ‌ඇති‌ ‌ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම මිය ගිය කාන්තාව […]


Dec
28

කිළිනොච්චියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි – ඝාතනයට මුල අනියම් පෙමක් බව හෙළි වෙයි

Generic placeholder image

කිළිනොච්චිය, මුලංගාවිල් ප්‍රදේශයෙදී පුද්ගලයෙකු කඩුවකින් කපා කොටා ඝාතනයකර තිබෙනවා. මුලංගාවිල්, පල්වරායන්, කට්ටචෝලේ ආදර්ශ ගම්මානයේදී අදාළ ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අදාළ සැකකරුගේ ඥාතියෙකු සමග ඇතිකර ගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාම ඝාතනයට මුල් වී ඇති බවට අනාවරණ වූ බවයි. ඒ සම්බන්ධයෙන් […]


Dec
28

කොරෝනා සංචරණ සීමා පනවා තිබුනද මේ ගෙවී යන වසරේ රිය අනතුරු වලින් මෙරට පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මිය යයි

Generic placeholder image

මේ ගෙවී යන වසරේ මේ වන විට මෙරට පුද්ගලයින් 1900 ක් පමණ රිය අනතුරු හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසරේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙරට පසුගිය කාලයේ ඇදිරි නිතිය හා යම් යම් ප්‍රදේශ මේ වන විටත් සංචරණ සිමා පනවා තිබෙන පසුබිමක රිය අනතුරු වලින් මෙපමණ පිරිසක් මිය ගොස් තිබෙන බව […]


Dec
28

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව – ඊයේ දිනයේ ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ සිදු කිරීම තවදුරටත් සිදුවන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ එම පරීක්ෂණ 1,100ක් සිදු කළ අතර ඉන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට එලෙස සිදු කළ අහඹු […]


Dec
28

කසුන් රාජිතටත් ටෙස්ට් තරගාවලිය අහිමි වෙන ලකුණු ?

Generic placeholder image

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගවලියේ තෙවන දිනය අදයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද ඊයේ ආබාධයකට ලක් වුණා..මේ හේතුවෙන් මොහුටද මෙම තරගාවලිය අහිමි වී යා හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මිට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා ද අබාධයක් හේතුවෙන් තරගයට සහභාගී වුයේ නෑ.


Dec
28

කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් හමුවෙයි

Generic placeholder image

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයෙන් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි. එම ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 360ක්.


Dec
28

නව කොරෝනා වෛරස් ප්‍රභේදය තුලින් මිනිසුන්ව දැඩි ලෙස රෝගාතුර වීමක් සිදු නොවන බවට මතයක්

Generic placeholder image

එංගලන්තයෙන් හදුනා ගැනුණු කොරෝනා වෛරසයේ ව්කෘති වීම තුලින් නිර්මාණය වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශරීරගත වීම තුලින් මිනිසුන් දැඩි ලෙස රෝගයට දැඩි ලෙස ගොදුරු කර ගැනීමේ අවදානමක් දැනට සිදු කරන ලද පරීක්ෂණ තුලින් නොපෙන්වන බව පර්යේෂකයින් සදහන් කරනවා. මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් මිනිසුන් අතර ව්‍යාප්තිය සිදු වුවත් එය මිනිස් සිරුරට දැඩිව ක්‍රියා කිරීමට අසමත් බවයි […]


News Articles
Latest Videos
Most Popular Post