කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත ලබා දිය හැකි මෙරට අවදානම් තත්ත්වයේ පසුවන කණ්ඩායම් තුනක් හඳුනාගෙන තිබෙනවා. විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙළි වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.
කොරෝනා වෙෙරසය ආසාදනය වී වාලච්චේන, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ භාණ්ඩ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ප්‍රතිකාර ලැබූ අදාළ පුද්ගලයින් සිව්දෙනා පසුගිය 12 වැනිදා ඉන් පිටව යෑමට නියමිතව තිබූ බවයි. එහෙත් ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු […]
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ට ගිනි අවි සැපයූ පුද්ගලයෙකු අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගැනුණා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කළම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළා. ඩැනියෙන් බෙල් ඩ්‍රාමන්ඩ් ලකුණු 70යි. පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ […]
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර පාසල් 45න් 42ක් අද යළි විවෘත කෙරුණා. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙෙයිමගල් විද්‍යාලය තවදුරටත් වසා තැබෙන අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ, එම පාසල් විවෘත කිරීමේ දිනය පිළිබද පසුව දැනුම් දෙන බවයි. අද සිට යළි විවෘත කෙරෙන පාසල් සියලු සෞඛ්‍ය […]
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් පිළිබද තොරතුරු වාර්තා වුණා. ඒලෙස මියගොස් අැත්තේ කොළඹ 10, වත්තල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු අැතුළු තිදෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :
තවත් නව ආසාදිතයින් 135 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 650ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන දැක්වෙන්නේ […]
කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් හුදෙකලාකර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කිරීම, අලුතින් පැනවීම සහ තවදුරටත් හුදෙකලා කිරීම පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින් :
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා. ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී,
කොළඹ වරායේ දකුණු පර්යන්තය කළමනාකරණ කටයුතු සිදු කරන CICT සමාගම (Colombo International Container Terminals) මෙරටට රුපියල් ලක්ෂ 186ක මුදලක් පරිත්‍යාගකර තිබෙනවා. ඒ, කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමටයි. අදාළ සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම මුදල් පරිත්‍යාගය ලබා දුන්නා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ වසර තුළ එම සමාගම […]
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු එළැඹෙන අඟහරුවාදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ ලේකම්වරයා පැවසුවේ, මේ වනවිටත් කොමිසමේ වාර්තාව සකස් කරමින් පවතින බවයි. වාර්තාව සකස්කර අවසන් වූ වහාම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. අප්‍රේල් 21 වැනිදා […]
වසර තුනකට අධික කාලයක් කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත්කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කඩිනම් […]