අද LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයට දඹුල්ල කණ්ඩායම කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන චමිල ගමගේ මහතාගේ පියාගේ අභාවයට ශෝකය පළ කිරීමට මෙලෙස කටයුතු කරන බව එහි සඳහන් වෙයි
මෙවර නත්තල් කාලයට ජර්මනියට දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.ඒ වාර්තා ගත ලෙස එරට කොරෝනා ආසාදිතයින් හා කොරෝනා අසාදනයෙන් මිය යන පිරිස වැඩි වීමත් සමගයි. ඒ අනුව දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා එනම් , බදාදා දිනයේ සිට දැඩි සංචරණ සීමා පනවා තිබෙන ප්‍රදේශ වල වෙළෙඳසැළවල් සහ පාසල් වසා දැමීමට […]
ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දී ඇති හැකි අයත් නැති බැරි අය කරපු රොබින්හුඩ්.. අහන්න.. “හඳෙත් අහන අංක එකේ රේඩියෝ ඩබල” දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show 98.2න් සහ 98.4න්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහායි. මේ අතර ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙටින් අවසන් වීමට නියමිත බව ඊයේ නිවේදනය කෙරුණා. එහි වාර්තාව සකසමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ […]
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ගොනුකර ඇති රිට් පෙත්සම අද සළකා බැලුණා. ඒම අවස්ථාවේදී එහි වගඋත්තරකාරියක ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අමාත්‍යවරිය […]
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ පියා වන, අභාවප්‍රාප්ත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී අවසන් ගෞරව දැක්වූවා. කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක්. මාතර පිහිටි නිවසට ඊයේ පස්වරුවේ දේහය රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් […]
කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ මුළු ගණන 24,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 24,309ක් ලෙසයි. මේ අතර තවත් ආසාදිතයින් 8,329 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 32,790ක් […]
නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිජීරියාවේ කන්කාරා ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුන් පිරිසක් පසුගියදා මෙලෙස පැහැර ගැනීමට ලක්වුණා. පැහැර ගැනීම සිදු කළ බව පැවසෙන සන්නද්ධ කණ්ඩායම රජයේ හමුදා සමග වෙඩි හුවමාරුවක ද නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පැහැර ගැනීමට ලක් […]
මුල්වරට 2018 වසරේ මෙරට වගාබිම් ආශ්‍රිතව පැතිර පැවැති සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා වනවා. ඒ, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතවයි. ආක්‍රමණශීලී පළිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳ 2016 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් මුල් වරට වාර්තා වූ අතර පසුව එම දළඹු ව්‍යාප්තිය සිදු වුණේ අප්‍රිකානු රටවල් දෙසටයි. බඩඉරිඟු, උක්, වී, […]
කොරෝනා වෙෙරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් 122නෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,087ක් ලෙසයි.
වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි සති 2 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පාසල් සහ ප්‍රාථමික අංශ වසා දැමීමට පසුගියදා තීරණය කෙරුණා.
ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා අද ඇප ලබා පිටව ගියා. සති දෙකකට ඉහතදී අදාළ තරුණයාට ඇප හිමි වුව ද දින 14ක් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් ඔහුට පිටව යාමට හැකි වුයේ නැහැ. මෙරටින් ජපානයට පිටත්ව ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා […]