මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් පැකට් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාරාන්තික කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුල පමණක් අමෙරිකෙවේ නව කොරෝනා මරණ ගණන 3000 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 290,000 සීමාව අභියසට පැමිණ තිබෙනවා. තවමත් ලෝක කොරෝනා ආසාදිත තත්ව වාර්තාවේ හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද ඇමෙරිකාවයි.
විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර එහිදී එම පරීක්ෂණයේ ප්‍රතිපල මත අදාල පුද්ගලයා […]
පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේම ඥාතියෙක් වන වයස අවුරුදු 21 ක් තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.
මේ වන විට එංගලන්තය මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා එරට ජනතාවට ප්‍රධාන කොව්ඩ් එන්නතක් වන “ෆයිසර් / බයෝ එන්ටෙක්“ එන්නත ලබා දීම ආරම්භ කර තිබෙන පසුබිමක එසේ එම එන්නත ලබා ගත් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙක් ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය සදහන් කරන්නේ […]
අද දිනයේ පෙරවරු 7.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනවා. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා […]
ඊයේ දිනය තුළ නව අ ආසාදිතයින් 697ක් හඳුනාගත් අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 357ක්.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]
තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 144 දක්වා ඉහළ ගියා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 20ක් වයසැති බිළිඳා සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය එලෙස වාර්තා වූ මරණ වනවා. එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ අද එම ඖෂධය නිෂ්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එම ඖෂධය පිළිබඳ පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 3වැනිදා දිවයිනට පැමිණීමට නියමත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහායි. ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ, එහෙත් කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ නව කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. […]