News Line| Off Air
Generic placeholder image

Dec
11

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් (ඡායාරූප)

Generic placeholder image

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නා. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර එම සාකච්ඡාව අද උදෑසන පැවැත්වුණේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි. පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද […]


Dec
11

ගුවන් තොටුපල විවෘත කිරීමට සියල්ල සූදානම් බව විෂයය භාර අමාත්‍යවරයා කියයි

Generic placeholder image

ගුවන් තොටුපල විවෘතකර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරක අමාත්‍ය කාර්යාලයේදී ගුවන් සේවා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා. සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණේ්‍.


Dec
11

කොරෝනා ආසාදිතව සිටි තවත් 570ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 570 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 22,831ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව ආසාදිතයින් 7,636 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳුණු බවට සැක පුද්ගලයින් 604 දෙනෙකු වෛද්‍ය අධීකරණය […]


Dec
11

ලබන 14 වැනිදා විවෘත නොවන මහනුවර පාසල්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමාවේ වසා දැමුණු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් 42 එළැඹෙන සඳුදා සිට යළි විවෘත කරන බව අද උදෑසන නිවේදනය කෙරුණා. ඒ අනුව මහනුවර – ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෛයිමගල් දෙමළ විද්‍යාලය යන පාසල් එදිනට විවෘත නොකරන පාසල් වනවා. අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මධ්‍යම […]


Dec
11

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 226ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවට අනාවරණයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ, කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතායි. එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වූ පරීක්ෂණවලදී නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි. එම […]


Dec
11

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි හත පනියි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 70,720,317ක්. වාර්තා වී ඇති මරණ ගණන 1,588,437ක් වනවා. ඊයේ දිනය තුල පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 200,718 ක් වාර්තා වුණා.


Dec
11

මහනුවර පාසල් 42ක් ලබන සඳුදා සිට යළි ඇරඹේ

Generic placeholder image

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මහනුවර නගර සීමාව තුළ ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සදහන් කළා. ඒ අනුව වසා දමා තිබු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.


Dec
11

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

Generic placeholder image

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්. ඊයේ පැවැති කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.


Dec
11

නාවලපිටියේ පාසලක සිසුවියකටත් කොරෝනා

Generic placeholder image

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයකින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාල සිසුවියගේ පියාටද මීට පෙර වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙන අතර මේ වන විට ඇය ඇසුරු කල පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


Dec
11

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය නව වැඩපිළිවෙලක්

Generic placeholder image

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගෙන තිබේ.ඒ අනුව සංචාරක අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, ග්‍රාමීය මාර්ග හා අව‍ශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැනි ඊට අඳාල අමාත්‍යංශ වල සහය ඒ සඳහා ලබාගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේදී සංචාරක කලාප […]


Dec
11

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 538ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 304 ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර මේ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන තිබෙන සමස්ත […]


Dec
11

අද වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේදී වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන […]


News Articles
Latest Videos
Most Popular Post